මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ… කුක්කූ… එංජාමි… එංජාමි…” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය.
“වීදි හඬ” යනුවෙන් සමාන්‍ය ජනයාගේ ජීවිකාව ගීයක් බවට පත් කළ ගායකයෙකු ලෙස රැප් ගායක අරිවුව හඳුන්වා දිය හැකිය. ඉන්දිය සිනමාවේ සිටින සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සන්තෝෂ් නාරායනන්ගේ සංගීතයෙන් සහ ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන ගායිකාවක වන සන්තෝෂ් සුබ්‍රමණියම්ගේ දියණියක වන ‘දී’ නොහොත් දීක්ෂිතා වෙන්කඩේෂන් සමඟ එක්ව අරිවු ද මෙම ගීතය ගායනා කර තිබේ. මෙහි පද්‍ය රචනය ද අරිවු විසින් සිදු කර තිබීම විශේෂත්වයකි.
මෙම ගීතය ජනයා අතර වඩාත් ප්‍රචලිත වීමට මෙහි භාවිත කර ඇති සංගීත රටාවත්, ගායිකාවගේ හඬත්, ගීතයෙහි ඇති පද පෙළත් හේතුවක් ලෙස පැවසීය හැකිය. සංගීත අධ්‍යක්ෂවරුන් වන ඒ.ආර් රහුමාන් සහ සන්තෝෂ් නාරායනන් මෙන්ම චිත්‍රපටි අධ්‍යක්ෂ පා. රංජිත් යන අය විසින් ස්වාධීන ගීත ප්‍රවර්ධනය කිරීමට පිහිටුවා ඇති ‘මජා’ නමැති සංගීත වේදිකාව හරහා අදාළ ගීතයේ නිෂ්පාදන කටයුතු කර තිබේ. ඒ හේතුවෙන්ම මෙය රසිකයින් බොහෝමයක් වැළඳගත් බව ද කිව යුතුය.
පද රචනය සිදු කළ අරිවු ගීතය එළිදැක්වීමේදීත්, ඉන් පසුවත් විවිධ අවස්ථවලදී සිය ගීතයේ ඇති දේශපාලනමය අදහස් ද ප්‍රකාශ කළේය. ඒවා ඉතා නිරවුල් සහිතව ඉදිරිපත් කිරීමට ද ඔහු වග බලාගත්තේය. එහිදී කුල භේදයකින් තොර වූ සමාජය ක්‍රමයක් සම්බන්ධයෙන් ඔහු නිරතුරුවම සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකිව තිබුණි. මෙම ගීතය නිර්මාණය කිරීමට පෙර සිටම ඔහු Casteless Collective නමැති සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.
මෙම “කුක්කූ.. කුක්කූ…” ගීතය හා බැඳුණු අපූරු සිදු වීමක් ද තිබේ. මෙම ගීතයට වස්තු විෂය ලෙස ඔහු යොදාගෙන තිබුණේ, තම ආච්චිගේ ජීවිත කතාවයි. මේ සම්බන්ධයෙන් අරිවු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. 1964 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම මඟින් යළිත් ඉන්දියාව බලා පිටත්ව ගිය පිරිස අතර සිටි කෙනෙකි අරිවුගේ මිත්තණිය. ආච්චි, තමන් හට “Enjaami’’ (මගේ දෙවියා) ලෙස ආමන්ත්‍රණය කර කරන බවත් එය තම ගීතයේ නාමය ලෙස යොදගත් බවත් අරිවු පවසයි. එමෙන්ම ඔහුගේ ආච්චි විසින් ගායනා කරනු ලබන “ඔප්පාරි” ගීතවල ඇති වදන් ද, මෙම ගීතය තුළට එකතු කර තිබේ. තව ද සිය මිත්තනිය වන වල්ලියම්මාට ද අදාළ ගීතය තුළ චරිතයක් ලබාදීමට ඔහු අමතක කළේ නැත. තමිල්නාඩුවේ භාවිත වූ ග්‍රාමිය සංගීතයේ කොටස් ද මෙම ගීතයට ඇතුළත් කිරීමට අරිවු කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ගිය තම ආච්චිගේ ජීවිත කතාව ගීතයට පමණක් යොදා නොගන, ඇය ජීවත් වූ ප්‍රදේශවලට ඔහු සංචාරය කළේ ඊට අවශ්‍ය තොරතුරු රැස්කරගැනීමේ අරමුණින්ය. වතුකරයේ සිටින අයත් සමඟ සබඳතා පවත්වමින්. තම ආච්චිගේ උපන් ගමන වන තලවාකැලේ ප්‍රදේශයේ පිහිටි ආකරපත්තන ශාන්ත රෙගුලන්ස් වතුයායටත්, ඇය විවාහ වී පදිංචියට ගිය කොටගල, මන්වෙට්ටි වතුයායටත් ඔහු ගොස් තිබේ. එමෙන්ම වතුකරයේ විවිධ ප්‍රදේශ වෙත සංචාරය කරමින් තමන්ට අවශ්‍ය වැඩිදුර තොරතුරු ද රැස්කරගත්තේය.
අනතුරුව නුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබු සාකච්ඡාවකට ද ගායක අරිවු එක්විය. ඊට සහභාගී වූයේ ඉතා සීමිත පිරිසකි. එහිදී අරිවුගෙන් ප්‍රශ්න ඇසීමට මා (ලියුම්කරු) හට ද අවස්ථාවක් ලැබුණි. එහිදී මා මෙවැනි පැනයක් ඉදිරිපත් කළෙමි.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වතුකම්කරුවන් මෙරටට පැමිණීම ඉතිහාසගත සිද්ධියකි. ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු වෙමින් පවතින අතරම මෙම පිරිසකගෙන් කොටසක් යළිත් ඉන්දියාව බලා පිටත්ව ගිය ආකාරය එසේ නොමැති නම් පිටුවහල් කළ ආකාරය සම්බන්ධයෙන් ද, විශාල සාකච්ඡාවක් නිර්ාමාණය වෙමින් තිබේ. එහෙත් යළිත් මව්රට (ඉන්දියාව) වෙත ගිය පිරිසකගේ ජීවිකාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණයවී නොමැත. මේ වනවිට ඔබ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධියක් ලබා ඇති අවස්ථාවක ඉන්දියාව බලා පිටත්ව ගිය වතුකම්කරුවන්ගේ ජීවිතය සම්බන්ධයෙන් චිත්‍රපටියක් නිර්මාණ කිරීමේ අදහසක් තිබේ ද යන්න මාගේ පැනය විය.
කෙටියෙන් පැවසුවහොත් වල්ලියම්මාගේ ජීවිත කතාව චිත්‍රපටියක් ලෙස නිර්මාණය කිරීමේ හැකියා පවති ද යන්නයි.
මගේ ඉල්ලීම ඉටු කරන බවට ඉඟියක් පළ කරමින්. අරිවු ඊට ඉතා යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ සිටින ‘ද හින්දු’ පුවත් අඩවියෙහි වාර්තාකාරියක වන මීරා ශ්‍රීනිවාසන් මා විසින් ඉදිරිපත් කරනු ලැබු පැනය වීඩියෝ ද සහතිව පළ කිරීමට කටයුතු කළාය. මෙමඟින් අදාළ චිත්‍රපටිය නිර්මාණය කිරීමට සඳහා වන පියවරක් ඉදිරියට තැබීමේ හැකියාවක් උදාවී තිබේ යැයි මා විශ්වාස කරමි.
මා විසින් සිදු කළ ඉල්ලීම පිටුපස විශාල දේශපාලනමය කරුණක් ද ගැබ්ව තිබුණි. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සහ දේශපාලන වෙනස්වීම්වල වැඩි බලපෑමක් එල්ල වූයේ වතුකම්කරුවන් කෙරෙහිය. එම නිසා ඔවුන්ට තිබු එකම විකල්පය ලෙස ඉන්දියාව හඳුන්වා දිය හැකිය. මෙලෙස ඉන්දියාව වෙත ගිය අයගේ ජීවිතය කෙබඳු විය ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමේ අවස්ථාවක් ලෙස මෙම නිර්මාණය හඳුන්වා දිය හැකිය.
කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවකට මුලපුරන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද ඉන්දියාව බලා ගිය පිරිස සම්බන්ධයෙන් විවිධ නිර්මාණ හරහා පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එලෙස ඉන්දියාව බලා පිටත්ව ගිය පිරිසක් විසින් “සෑම තැනකමදීම අසාධාරණයන්ට ලක් වූවන්” යනුවෙන් පර්යේෂණ ලිපි මාලාවක් ද එළිදක්වා තිබේ. වතුකම්වරුන්ට යහපත් ජීවන රටාවක් උදා කර දීම අරමුණු කරගනිමින් පිහිටුවනු ලැබු සංවිධානයක සභාපතිවරයා ලෙස කටයුතු කළ, සිවලිංගම් සම්පාදනය කළ In the service of the displaced – Indo – Sri Lanka Agreement 1964 & 1974 වාර්තාවත්, ඒ.වේදවල්ලි විසින් රචනා කරනු ලැබු SriLankan Repatriates in Kotagiri ග්‍රන්ථයත්, වතුකරයේ සිටි අධ්‍යාපනඥයෙකු මෙන්ම පර්යේෂකයෙකු වන එම්. වාමදේවන්, සිය උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබු පර්යේෂණ ග්‍රන්ථය පසුකාලීනව Sri Lankan Repatriates in Tamil Nadu නමින් ඉංග්‍රීසි බසින් මුද්‍රණය කරනු ලැබීය.
මේ අතර ඉසෙඩ් ජෙයසිං විසින් රචනා කරනු ලැබු “ශ්‍රී ලංකාවේ ජීවත් වූ ඉන්දියානුවන්ගේ පිටුවහල් වීම” , මූ.සී කන්දයියා විසින් රචනා කරනු ලැබු “විනාශ කරනු ලැබු වතුකරයේ දෙමළ ජනාවාස”, තමිලගන් (රාමචන්ද්‍රන්) විසින් සම්පාදනය කළ “වතුකරය සහ පුනර්ජීවනය”, එමෙන්ම සී, පන්නීර්චෙල්වන්, අරු. සිවනාදන්, මු.සි. කන්දයියා, තමිලගන් ඇතුළු පිරිස විසින් විවිධ සාහිත්‍ය නිර්මාණ එළිදක්වා තිබේ. මෙම පිරිස මව් රට බලා ගිය පළමු පරපුරේ පිරිස් වන අතර දෙවන පරපුරේ කිහිප දෙනෙකු ද මෙවැනි නිර්මාණයන් දායද කර තිබේ.
එහිදී තවමුදල්වන් නමැති අයෙකු විසින් නිර්මාණය කළ “පච්චෛ ඉරත්තම්” (කොළ පැහැති රුධිරය) යන වාර්ථාමය චිත්‍රපටියට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඉන්දියාවේ පදිංචිකරුවෙකු වන වී. සූර්යනායනන් විසින් රචිත Rehabilitation of Srilankan Repatriates: A critical Appraisal ඉංග්‍රීසි ග්‍රන්ථය ද, තමිල් මගන් (වෙංගඩේසන්) විසින් රචිත “වනසාට්චි” (වනයේ සාක්ෂිය) නමැති නව කතාව ද, ඉරා. විනෝද් රචනා කළ “තෝට්ටකාටි” නමැති පද්‍ය පන්තිය ද, මුහමද් යූසුෆ් විසින් මෑතකදී රචනා කරනු ලැබු “තට්ටපාරෛ” නමැති නව කතාව ඇතුළු බොහෝ නිර්මාණ වතුකරයෙන් පිටුවහල් වූ කම්කරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙලෙස මව්බිම වෙත යළි පැමිණියෝ යනුවෙන් විවිධ සංවිධාන ද ඉන්දියාව තුළ දැකිය හැකිය. මේ වනවිට එනමින් දේශපාලන පක්ෂයක් පවා ලියාපදිංචි කර තිබීම විශේෂත්වයකි. එම පක්ෂය නියෝජනය කරමින්, පොන්. ජෙයසීලන් (2021) නමැත්තෙකු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද කැපි පෙනෙන කරුණක් ලෙස හුවා දැක්විය හැකිය.
මේ අතර මෙලෙස මව්රට බලා ගිය අයගේ තෙවන පරපුරේ කලාකරුවෙකු වන 27 හැවිරිදි අරිවු, තමිල්නාඩුව තුළම උපන් අයෙකි. තම මිත්තණිය වන වල්ලියම්මාගේ ජීවන කතාව, වස්තු විෂය කරගෙන ඉදිරිපත් කරනු ලැබු මෙම ගීතයෙහි, කාලය, තාක්ෂණය සහ අංග රචනය වර්තමාන කාලයට වඩාත් උචිත අයුරින් නිර්මාණයවී තිබේ. ඒ හේතුවෙන් අතීතයේ සිය මව්රට බලා ගිය වතුකම්කරුවන්ගේ ජීවන තත්ත්වය චිත්‍රපටියක් ලෙස නිර්මාණය කිරීම තුළින් වර්තමාන පරපුරට අතීතය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකිවක් ලැබෙනු ඇත. එමෙන්ම ඉන්දියාව බලා ගිය වතුකම්කරුවන් සහ යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාව බලා ගිය අය අතර පවතින වෙනස ද මේ තුළින් යම් අවබෝධයක් ලබා ගත හැකිය. වතුකරය උදාකර ගත යුතුව තිබෙන දේශපාලනම තත්ත්වය වටහා ගැනීමටත් මෙම චිත්‍රපටිය පිටිවහලක් වනු ඇත.
එමෙන්ම අරිවු මීට පෙර දෙමළ සිනමාව තුළ ගීත රචකයෙකු ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. රජිනිකාන්ත්ගේ රංගනයෙන් තිරගත වූ කාලා චිත්‍රපටියේ “භූමිය අපගේ අයිතිය…” නමැති ගීතය හරහා ජනප්‍රියත්වයට පත් විය. මෙම ගීතය ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වතුකරයේ ජීවත් වන ජනයා තුළ පමණක් නොවේ, මෙරටින් පිටව ගොස් ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත තුළ ජීවත් වන වතු ජන ජීවිතයට සම්බන්ධ වූ ගීතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
සෑම ස්ථානයකදීම අසාධාරණයට ලක් වූවන්ගේ දේශපාලනමය අයිතිය එක්රැස් කරමින් ඉදිරිපත් කරන සිනමා නිර්මාණය අදාළ කාරණාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණය කරනු ඇත.
මාට්ට්‍රම් වෙබ් අඩවියෙහි පළ වූ “කුක්කූ… කුක්කූ… සිට අයිතිය දක්වා…” මැයෙන් පළ වූ ලිපියෙහි සිංහල පරිවර්තනයයි..
ලියුම්කරු – මයිල්වාගනම් තිලකරාජා
පරිවර්තනය – ජෙගන් ගනේෂන්
මෙම සටහන ජෙගන් ගනේෂන් සොයුරාගේ facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී.
ගීතයේ දළ ඉංග්‍රීසි පරිවර්තනයක් පහත දැක්වේ
#Cuckoo cuckoo
Grandpa weeding out the fields
Cuckoo cuckoo
Who’s in the trunk hole, it’s kingfisher#
#Cuckoo cuckoo
Swimming frog in the water
Cuckoo cuckoo
Is sister of the caterpillar#
#Lilly is making fun of me
My adamant sweet sandal wood
My Jasmine-decked necklace with pearls
Oh my native Kutralame#
#My grandma’s shrink bag with betel & nuts
The hands that carry them, play the Parai drum
Grandma grandma, what magic did you do
Valliammal’s grandson, tell me the story
Where are my glasses?
Take it my grandson#
#Annakkili annakkili
Parrot sitting in the banyan tree
Blessing to lead a good life
Our ancestors have bequeathed us this soil#
#Across the river banks and on the fertile fields
Our forefathers have sung through their life
The lakes and ponds belongs to the dogs, foxes & cats too#
#Enjoy my dear
Come together as one
Ride on the elephants
Shower in the rains#
#Cuckoo cuckoo
Hen laying the egg
Cuckoo cuckoo
Who dolled up the peacock#
#Cuckoo cuckoo
Algae spreading it’s green
Cuckoo cuckoo
Nest arranged by tiny twigs#
#The toiling farmer with his fertile fields
His sweat drenched shirt the glittering countryman
The fire-kindling flute and the earthen pot
Settling in the river banks is the beginning of the civilization
Jan jana janakku, oh my people
Tasting the salt yolk, the sources of all energy
Drip blood from leech bite, strike away the Gilli-Danda#
#I planted five trees
Nurtured a beautiful garden
My garden is flourishing
Yet my throat remains dry#
#My sea, bank
Forest, people
Lands, clan
Place & track#
#Enjoy my dear
Come together as one
Ride on the elephants
Shower in the rains#
#The land guarded by my ancestors
The devotee that dances
As the earth rotates around the rooster crows
It’s excretions fertilized the forests
It’s turned into our country
Then our home too#
#What’s the matter, what’s the matter my dear?
What’s the matter my sugarcane?
What’s the matter, what’s the matter my dear?
My darling grandson, what’s the matter#
#Bitter ground in my canopy
Bitter ground in my canopy
It has given us seeds
Given us seeds
Left by our mom and dad
Left by our mom and dad#
#Enjoy my dear
Come together as one
Ride on the elephants
Shower in the rains#
#My sea, bank
Forest, people
Lands, clan
Place & track#
#Cuckoo cuckoo#