හෙළිදරව් නොවුනු ගිවිසුම් දෙකක්

දින තුනක සංචාරයක් සඳහා අප්‍රියල් 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු අග්‍රාමාත්‍යය නරේන්ද්‍රසිං මෝධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ආරක්ෂක ගිවිසුමක් ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි. මෙසේ අත්සන් තැබීමට නියමිත ගිවිසුම් අතර බලශක්ති සබඳතා ගිවිසුම, ඩිජිටල් කරන සහයෝගිතා ගිවිසුම , සෞඛ්‍ය සහ බහුවිධ ආධාරක ගිවිසුම් ද වේ .

ඉහත ගිවිසුම් වලට අමතරව මේ වනතෙක් කිසිදු මාධ්‍යයක් හෝ කිසිදු පාර්ශවයක් හෙළිදරව් නොකළ ගිවිසුම් දෙකක් තිබෙන බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය පාර්ශවයෙන් මෙම ගිවිසුම් දෙක පිළිබඳ රහසිගත භාවය රකින්නට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විපක්ෂය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගත කළ කාලය තුළ එවක ආණ්ඩු බලය හෙබවූ සියලු පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල කළේ ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කරන සෑම මොහොතකදීම එය රටේ ජනතාවටත් පාර්ලිමේන්තුවටත් දැනගැනීමට අයිතියක් තිබෙන බවයි. කෙසේ වෙතත් වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණ තමන් විසින්ම දරපු අදහස් උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...