Breaking News

“5/2001 චක්‍ර ලේඛන අහෝසිය ඔස්සේ පෙළ ගැසුණු වන ඝාතනය පිළිබඳව

පරිසරවේදී තුෂාර පල්ලියගුරුගේ

5/2001 චක්‍රලේඛ ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්මෙන් 25% ක් ආරක්ෂා කිරීමට තිබූ විධි විධානයක් වූ අත‍ර මෙම රජය දේශපාලන උවමනාව මත එම වනාන්තර සදහා තිබූ ආවරණය ඉවත් කිරීමට කටයුතු යොදන ලදී. දත්ත වලට අනුව, රටේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 2.1 ක් පමණ වේ. ඉහත චක්‍රලේඛය හෙක්ටයාර් මිලියන භාගයක වනාන්තර ප්‍රමාණයක් ආවරණය කරනු ලැබිය. එය අපගේ වර්තමාන වනාන්තර ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ වේ. එබැවින් මෙම චක්‍රලේඛය ඉවත් කිරීම මගින් අපේ පැවතුනු වනාන්තර ප්‍රමාණයෙන් සියයට 25 ක් අනාරක්ෂිත කරනු ලැබිය.”

ලංකාවේ වනාන්තර ඝනත්වය 2019 වසරේදී සමස්ත භූමියෙන් 16.5% පමණ විය. සාමාන්‍ය ලංකාවේ වාර්ෂික වනාන්තර 1.43% පමණකින් හායන වන බව ගණන් බලා ඇත. ඒ අනුව 2020 අග මෙම චක්‍ර ලේඛනය අහෝසි කරන විටත් ඉහත 16.5% වන වැස්ම බොහෝ සෙයින් 15% ආසන්න අගයකට පහත වැටීමට බොහෝ දුරට ඉඩ ප්‍රස්තාව තිබිණ. නමුත් සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 25% ආවරණය සංවර්ධනය යන තේමාව යටතේ හිතවතුන් සහ දේශපාලනික අවශ්‍යතා සදහා බෙදා දීමට රජය ගත් තීරණයත් සමග වර්තමාන වනාන්තර විනාශයේ ආරම්භය උදා විය.

ඉහත දත්ත අනුව ගලපා බල්ලන ඕනෑම අයකුට අනාගතයේ වනාන්තර වැස්ම කුමන ආකාරයක් ගනු ඇත්ද යන්න විමසා බැලිය හැක.
ඉතාමත් හදිසි උවමනාවක් මත පරිසර වේදීන් අනතුරු අඟවද්දී කිසිසේත්ම සැලකිල්ලක් නොදක්වා ලැබූ විශාල බලයෙන් ලද අධි තක්සේරුව මෙම චක්‍ර ලේඛන අහෝසියට මග පෑදිය . මෙම රජය බලයට පත්ව මාස කිහිපයක් ඉකුත් වන්නටම පෙරම ඉදිරි ජනාධිපතිවරණය සදහා සැලසුම් දියත් වන්නට විය. ඒ සදහා ආණ්ඩුවේ ප්‍රබලයෙක් තම සැලසුම් සකස් කරමින් තමන්ගේ දේශපාලන උවමනාව මත මෙම යෝජනාව රැගෙන ආ අතර එය වහාම සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.

එම චක්‍ර ලේඛනය තුල ඉහත වනාන්තර රජයේ වනජීවී සහ වන සංරක්ෂණ බලතල මත ආරක්ෂා වුනු අතර මෙම අහෝසියත් සමග එම බලතල දිස්ත්‍රික් ලේඛම් වරුන් වෙත බෙදා දීම සදහා පවරන ලදී.

ඒ සමගම ලංකාවේ බොහෝ ප්‍රදේශ ඔස්සේ විහිදී තිබූ වනාන්තර ගිනි ගැනීම් හට ගන්නා ලද්දේ ඉබේටම මෙනි. මෙම සිදුවීමත් සමග රට පුරා කම්පිත වුනු පරිසර වේදීන් සහ පරිසර ප්‍රිය ජනතාව මේ පිලිබන්ධ විවිද ප්‍රදේශ ඔස්සේ පැමිණිලි කරන්නට වූ අතර රජය ඒ පිලිබන්ධ කිසිම සැලකිල්ලක් හෝ නැවතීමට උනදුවක් නොගෙන කල් මරමින් ගත කිරීම නිරීක්ෂණය වුනි.

අපගේ අනාගතය පිලිබන්ධ සැලකිලි මත් වෙමින් අප දිගින් දිගටම මෙම චක්‍ර ලේඛනය අහෝසිය නතර කර ගැනීමට මහජන සහාය පැතූ මුත් දේශපාලනිකව පාර්ශික වුනු ජනතාව ඒ ගැන සැලකිල්ලක් හෝ නොදැක්වීමට දායක වුනී.

රජය එම ඉඩ ප්‍රස්තාව ලබා ගනිමින් තම අත්තනෝමතික වැඩ පිළිවෙලට ගිය අතර අද විනාශයේ ආදීනව රට පුරා දෝංකාර දෙමින් ඇත.
ඒ තත්වය තුල රජය පිලිබන්ධ මහජන අප්‍රසාදහ දළු ලමින් තිබෙන අතර ආරක්ෂක ලේකම් ගේ සිට මෙම විනාශය පිලිබන්ධ ඇත්ත පිලි ගැනීමට සිදුවිය. මාධ්‍ය පවා මෙම විනාශය අභියස මුනිවත රැකි අතර අද එම මාධ්‍ය සහ රජයට සහය දැක්වූ සංඝයා වහන්සේලාගේ සිට බොහෝ පාර්ශවයන් වන විනාශය එලි පිට පිළිගැනිම සිදු කර ඇත.

මෙම රජයේ ප්‍රබල ඇමති කෙනෙක් ගේ අත්තනෝමතික උවමනාවට රජය පිට පටවන ලද මෙම අපරාධය මුලින්ම මග හරවා ගැනීමට රජය පත් කිරීමට දායක වුනු පාර්ශව ද පරිසර වේදීන් පෙන්වා දුන් කාරණා කෙරෙහි සංවේදී වුනා නම් රජය අද පත්ව ඇති අප්‍රසාදය වලකාගත හැකිව තිබුණි.
මේ රටේ චන්ද දායකයන් සෑම විටම රජයන් පත් කර ඕනෑම විනාශයක් කෙරේ මුනිවත රැකීම තුල රජයන් අසමත් වී යාම ඉතිහාසය පුරා සිදුවී තිබිණ.
අදටද එලි පිට සිදු වෙන විනාශයන් පෙන්වා දීම් අභියස පවා රජය ට සුදු හුණු ගෑමෙන් වන්නේ තව තවත් තමන් පත් කර ගත් රජය පිරිහීම බව පිළිගන්නේ සියල්ල කන පිට හරවුනාට පසුව බව අප නැවත මතක් කර දෙමු.

රජයක් පත් වූ මුල්ම අවස්ථාවේ විවේචනයන් ඉදිරිපත් කරන්නේ රජයන් වෙනත් මාර්ග වලට පිට නොපැන නිසි ලෙස පවත්වා ගැනීම වුවද ඒ සත් භාවයට විවේචනයන් ගොනු කල සියල්ලෝම වෙනත් පක්ෂ කෙරේ ගාල් කිරීමට “ඉරාජ්” වැනි අවර ඝනයේ බුද්ධි මට්ටමේ පහල පුදගලයන් හරහා සමාජ ගත සම්ප්‍රේක්ෂණයන් ඉවහල් විය.

ඇත්තෙන්ම මෙය අතීතය ඔස්සේද සිදුවුණු රජුන්ව මැස්සන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා පත් කල කඩුව ත දැරූ මෝඩ වඳුරා කතා වස්තුවේම 21වෙනි සියවසේ සිදුවීමකි.ඒ අතර පාක්ෂිකත්වයෙන් ගිලී ගිය බොහෝ දෙනෙක් අතර පවතින විපක්ෂ භිතිකාවද පරසර පක්ෂ හමුවේ මුනිවත රැකීමට හේතුවක් වී ඇති බව නිරීක්ෂණය කල හැක.

මේ කුමන කාරණාවෙන් හෝ වන්නේ අවසානයේ තමන් පැතූ රාජ්යද තමන්ට අහිමිව පරිසරයද තමන්ට මෙන්ම අනෙකාටද අහිමි කරමින් රට ණය බරින් පිඩිත හෙටක් පමණි. අවසානයේ සිදු වන්නේ රට තවත් අගාධයකට පෙරලෙන සිමාවේ අනාගතයේ දවසක අප සියල්ලෝම බහුතරයක්ව සොරුන්ගෙන් හොදම සොරා දේශපාලනයෙන් තෝරා රජ කර ගන්නා මැතිවරණයකට පෙළ ගැසීමටය.

“සිහි කැඳවීම” දැන්වත් තමන් පත් කල ආණ්ඩුවට 5/2001 චක්‍ර ලේඛනය නැවත බල ගැන්වීමට බල කරමින් වන විනාශය නැවතීමට දායක වීම ඔබෙත් රජයේත් යහපතට හේතු වනු ඇත.

පරිසරවේදී තුෂාර පල්ලියගුරුගේ

 

leave a reply