කොවිඩ් -19 හේතුවෙන් මියගිය අය සැමරීමේ ජාතික දිනයක් ඉතාලියට

මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරුව මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබේ. 2021 මාර්තු 18 වනදා සිට එළැඹෙන සෑම වර්ෂයකම මෙදින පෙරවරු 11 ට කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය අය සිහිපත් කිරීමේ දිනය ලෙස (ඊයේ මාර්තු 17 වනදා) ඉතාලි රජය මාර්තු 18 වනදා නම් කර තිබෙන අතර කොරෝනා වසංගතයේ හේතුවෙන් මියගිය අය සිහිපත් කිරීමේ ජාතික දිනයක් නම් කළ පළමු රට ඉතාලියවේ. මෙම සිහිපත් කිරීමේ සංකේතාත්මක නගරය ලෙස නම් කර තිබෙන්නේ Bergamo නගරයයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසරක් අවසන් වන විට ඉතාලිය තුළ මියගිය ප්‍රමාණය එක්ලක්ෂ හාරදහක් ඉක්මවා තිබේ.

මාර්තු 18 ජාතික දිනයක් ලෙස නම් කිරීමට හේතු වූයේ කුමක්ද?

කොවිඩ් -19 වසංගතය ආරම්භ වූ මුල් අවධියේ දී එහි වැඩිම බලපෑම එල්ල වූ සහ වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවු ප්‍රදේශය වන්නේ Lombarda ය . එහි දී Bergamo නගරය සුවිශේෂී වූයේ වසංගතයේ දැඩි බලපෑමට ලක්වූ නගරය බවට පත් වී තිබීමත් සමඟ දිනපතා මිය යන්නන්ගේ ප්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් ඉහළ ගිය නගරය බවට පත්වීමෙණි. දීනපතා මිය යන ප්‍රමාණය ඉහළ යෑමත් සමග එම මළ සිරුරු ආදාහනය කිරීම සඳහා අවශ්‍ය කරන ආදාහනාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් Bergamo නගරයේ මියයන මළසිරුරු වෙනත් නගරවලට අර ගෙන යෑම සඳහා හමුදා ට්‍රක්රථ පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා. මෙම සිදුවීම එවකට සමාජය කම්පනයටත් ලෝකය තිගැස්මටත් පත් කරන්න මුල් වෙච්ච සිද්ධියක්. සිරුරු 60 ක් හමුදා ට්‍රක් රථ පෙරහරකින් නගරයෙන් පිටතට රැගෙන යෑම සිදු වූ දිනය වෙන්නේ මාර්තු මාසේ 18 වෙනිදා. මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරු වුවන් සහ මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉවහල් වෙන්නේ එම සිදුවීමයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්