Breaking News

ලොව තෙවැනි ඉහළම උද්ධමනය ලංකාවේ – ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ උද්ධමනය ලොව තෙවැනි ඉහළම අගය වන අතර, එය 119%ක් පමණ බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් පවසයි.

ඔහුගේ විශ්ලේශනයට අනුව උද්ධමනය ඉහළම රට ලෙස පළමු ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමනය 207%කි. දෙවැනි ස්ථානයේ පසුවන ලෙබනනයේ උද්ධමනය 150%කි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත.

නැවත වරක් මිල ඉහළ ගිය භාණ්ඩ ලැයිස්තුවට අලුතින්ම එකතු වූයේ සිමෙන්ති සහ ගෑස් වේ.

ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමුණි. ආනයනික සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2850 කි. දේශීය සිමෙන්ති කොට්ටයක් රුපියල් 2750කට අලෙවි වෙයි.

ඒ අනුව කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 ක් දක්වා වැඩිකර තිබේ.

කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1945 ක් ඉහළ දැමිණ.

කිලෝ ග්‍රෑම් 2 .3 ක ලිට්‍රෝ ගෑස් සිලිඩරයක නව මිල රුපියල් 910කි.

මෙරට සාමාන්‍ය සුපිරි වෙළෙඳසැලක මිල දර්ශනයට අනුව,

සම්බා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 260
පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 495
කැකුළු සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 205
දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 රුපියල් 238
දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක් රුපියල් 299
ලොකු සැමන් ටින් එකක් රුපියල් 475
මුං ඇට කිලෝග්‍රෑම් 01 රුපියල් 905
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01 පැකට් එකක් රුපියල් 290
පාන් ගෙඩියක් රුපියල් 140 – 220
තලපත් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1980
කෙලවල්ලා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1750
හුරුල්ලා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 820
පරව් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1990
කුම්බලාවා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1140
සූඩයා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 230
ශීතකරණ ලද කුකුළු මස් කිලෝග්‍රෑම් 01 රුපියල් 930
මාරි බිස්කට් පැකැට් 01ක් රුපියල් 60
ගස්ලබු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 210
කොමඩු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 150
අඹ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 440

උද්ධමනය ඉහළ ගියේ ඇයි?
උද්ධමනය ඉහළ යෑමට බලපෑ හේතු පිළිබඳව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දේශීය අදායම් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න මාධ්‍ය හමුවේ අනාවරණයක් කර තිබුණි.

ඔහු පෙන්වා දුන්නේ බදු කපාහැරීම් තුළ රජයේ අදායම අඩුවූ බව යි.

“2020 දී සියලු බදු කපාහැරීම් තුළ බිලියන 500 දක්වා මේ ආදායම අඩු කෙරුවා. එතකොට 20/21 අවුරුදු දෙක තුළ විතරක් බිලියන 1200ක පමණ බදු එකතු කිරීමේ අඩු කිරීමක් කරලා තියෙනවා. අන්න ඒ එකතු කිරීමේ අඩු කිරීමට සාපේක්ෂව රුපියල් 1.7 ට්‍රිලියන් මුදල් අච්චු ගහලා තියෙනවා. මේ බදු ටික එකතු කෙරුවා නම්, මේ ගජ මිතුරන්ට සහන දුන්නේ නැත්නම්, මේ සමාන ප්‍රමාණයේ සල්ලි අච්චු ගහලා මේ උද්ධමනය ඉහළ නඟින්න කටයුතු වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු චෝදනා කළේ ය.”

leave a reply