Breaking News

ඉඩම් හොරෙක් මහජන ආරක්ෂක ඇමති වූ විට මර්දනය මිස සාමය නොලැබෙයි ජනතාවට

මහජන ආරක්ෂක ඇමති ඇතුළු පිරිස හෙට දිනය පිළිබඳව බියට පත්වී ඇති බව ඔප්පු කරමින් අද වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් ඉවත්කර උසාවිය ඉදිරියට ගෙන ගොස් බන්ධනාගාර ගත කර තිබේ. තව දුරටත් ඔවුන් දෙදෙනාව රඳවා තබා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව මේ හරහා නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන බව අපට සැක කළ හැකිය. තව දින 90ක් සඳහා රනිල්ගේ අත්සන මොවුන් දෙදෙනාට එරෙහිව රඳවා තබා ගැනීමේ ලේඛනය මත තැබුවොත් එය ජනතාව කැළඹීමට පත් කරන කාර්යයක් බව ඔවුන් වටහා ගෙන තිබේ. ඒ අනුව දැන් උපක්‍රමය වෙනස් කරමින් නීතිපතිවරයා වෙත මෙහි වගකීම පවරා මොවුන් දෙදෙනාව රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට රනිල් රාජපක්ෂ ටිරාන් අලස් ඇතුළු පිරිසේ උත්සාහ දරමින් තිබේ.

හෙට දිනයේ පිළිබඳව රනිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ඇත්තේ අවිනිශ්චිත භාවයකි. ඒ අනුව ඔවුන් උපක්‍රමයක් ලෙස හෙට කොළඹට ජනතාව පැමිණීම අඩාල කිරීම සඳහා වෙනුවෙන් මේ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් සිරිධම්ම හිමියන් ,වසන්ත මුදලිගේ සඳහා පූර්ණ නිදහසක් ලැබෙන තුරු මේ සටන අත්නොහරින බව ඊට මැදිහත් වෙන සියලු පාර්ශවයන් ප්‍රකාශ කර සිටිනවා. පෙර සූදානම් කළ ආකාරයටම හෙට වසන්ත මුදලිගේ සිරිධම්ම හිමියන් ඇතුළු බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින සියලු දෙනාගෙන් නිදහස උදෙසා රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි ජනතා උද්ඝෝෂණය සිදුවෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති උණුසුම පහස විඳින මහජන ආරක්ෂක ඇමති විදිහට සිටින ටිරාන් අලස්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රකාශ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව අද කියා සිටියේය නීතිය අතට ගෙන අද හැසිරෙන ක්‍රියා පිළිවෙතට අදාළ වන්දිය බලය ගිලිහෙන දින ගෙවන්නට සිදුවන බවයි. එපමණක්ද නොව මේ අවස්ථාවේදී ටිරාන් අලස් මහජන බැංකුවට තබා තිබෙන රුපියල් මිලියන 1850 ක පොල්ල පිළිබඳව ද මතක් කරනු කබුවා . තමන්ට අයිති නැති ඉඩමක් මහජන බැංකුවට තබා මුදල් ලබාගැනීමෙන් මහජන ආරක්ෂක ඇමති කියන මේ තක්කඩියා දැවැන්ත වංචාවක් කර තිබේ. දේශපාලන බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් මේ වැරදි වලින් වහන් වී සිටීමට මොහුට පුළුවන් වී තිබෙන්නේ රනිල්ගේ ඔඩොක්කු කුක්කා ලෙස හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

නීතිය අනිසි ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන නිදහස පවා කුඩුපට්ටම් කර දමන්නට රනිල් රාජපක්ෂ ඇතුළු මේ හොර තක්කඩින් ක්‍රියා කරමින් සිටිනවා.

හෙට දිනයේ දී ජනතාව වීදි බසින්නේ වසන්ත මුදලිගේ සිරිධම්ම හිමියන් ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දශක ගණනක් සිර භාරයේ තබාගෙන සිටින මිනිසුන් වෙනුවෙන් පමණක් නොව රනිල් රාජපක්ෂ ඇතුළු මේ ජනතාද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීමේ අරමුණ ඇතිවයි.

මොවුන් හෙට ගැන අද කම්පා වී ඇති බව වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් අධිකරණය හරහා සිරගත කිරීමෙන් පෙනී යනවා.

leave a reply