නිධන් සොරෙකුට බිරිඳ කී කව..

මත්වී වැටෙන විට සඳ රැස් රැය පන්නා
සුසුමක් හෙලා ගත දරදඬු වී උන්නා
දහ අට රියන් පිළිමෙක සැතපී ඉන්නා
මලසුන උඩට පුපුරා ලේ වැල් පැන්නා

යකඩ මුගුරකින් ඇන ඇන ගැසුවාද
හදවත හඬින් ඉකි බිඳ බිඳ හැඬුවාද
ලේ නොව ,ගැලුව කරුණා ගුණ දුටුවාද
අඩවන් දෙනෙත් යුග සදහට පියවීද

හාමත් පුතුන් කුස බත සරි කරන්නට
බුදු ළය පලා ලැබුනිද මිණි පළිඟු කැට
මුව ගොළුවෙලා තනිවෙන හැම මොහොතකට
හිත සෙල්මුවා වී තිබුණිද කියන් මට…

චමිලා මැණික්ගමගේ

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...