සමාජ මාධ්‍යට වෙඩි තැබීම

භාෂණයේ ප්‍රකාශනයේ නිදහස විසින් ජනමාධ්‍ය පණ පොවනු ලබයි. එහෙත් එය කිසිදු ලෙසකින් වල් බූරු නිදහසක් කරගන්නට බැරිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ප්‍රදානය කරමින් 15(2)මගින් සීමා පනවා අැත්තේ ඒ නිසාය.

එයින් කියන්නේ එම නිදහස භුක්ති විඳීම් ‘වාර්ගික සහ ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් පනවා ඇති තත්ත්වයන්ට අනුගත වියයුතු බවය.

දණ්ඩනීති සංග්‍රහයේ 291 (අ) මගින් මෙහි බරපතලකම විෂද කරයි. එහෙත් වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලා යැයි පෙනීසිටින අායතන විසින්ම රටේ මූලික නීතිය අවාසනාවන්ත ලෙස උල්ලංඝනය කරමින් තිබෙන්නේ අදාළ නීතිය සුරැකීමට බැඳී සිටින ආයතනවල කිසිදු ප්‍රශ්න කිරීමක් නොවන වටපිටාවකය. ඇතැම්විට නීති සම්පාදනය කරන්නන් ද සබයට කැඳවා ගනිමින්ම නීතිය උල්ලංඝනය කරන නිසා විය යුතුය.

හාස්‍යජනක තත්ත්වය වන්නේ වැටත් නියරත් එක්ව ගොයම් කද්දී මහජන පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන මූලික අයිතිවාසිකම් උදුරා ගනිමින් සමාජ මාධ්‍ය දඩයමකට ඇතැමුන් තැත් දැරීමය.

යුගයේ රජයන දෘෂ්ටියට අනුගත වූ ද අනුගත නැතිවූ ද සකලාකාරයේම අදහස්වලට ඇති නිදහස් අවකාශය එයයි.

ඇතැම් දේශපාලන දාර්ශනිකයන් එය විමුක්තිකාමී වේදිකාවක් ලෙස හැඳින්වූයේ ද එහෙයිනි.

කොරෝනා යුද්ධය අතර අද ඇතැමුන් වෙඩි තබන්නට හොර ගල් අැහිදිමින් සිටින්නේ ඒ වේදිකාවටය. භාෂණයේ ප්‍රකාශනයේ අයිතියට ගරු කරන සියල්ලන්ගේ ඇස යොමු වේවා….

ඡායාරූපය – ෂෙහාන් ගුණසේකර

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...