නිවසින් පිටතට යා හැක්කේ එක් අයෙකුට පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශ වලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණක් බව සඳහන් වෙයි.

එසේ පිටවිය හැක්කේද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර වැඩමුළු ,සන්නාම එළිදැක්වීම්, හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇත.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය අනුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්බාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුවේ.

කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීති රීතිවලට අනුකූලවය.

සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ අද (18) සිට විවෘත කිරීම තහනම්ය.

සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.

පෙර පාසල් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිර්දේශ කර ඇත.

එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...