Breaking News

ගල්ගමුව රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර විනාශය හෙළි කල අයට තර්ජන

සුපුන් ළහිරු ප්‍රකාශ්

නමුත් මෙහි කිසිදු වන විනාශයක් සිදු නොවන බවත් සිදුවන්නෙ පුරන් කුඹුරු යායක් එලි පෙහෙලි කර දේශීය වී වගා කිරීම පමණක් බවත් සඳහන් කරමින් ජනතාව නොමග යවන්නට තතනන දෙව්දත්ලාට පිලිතුරු සැපයීම අත්‍යාවශ්‍ය නිසා පමණක් මේ සටහන තබමි.

මෙහි දැක්වෙන්නේ වැනසෙමින් පවතින පාලුකඩවල වැව් තාවුල්ලේ අතීත හා වර්තමාන ඡායාරූප දෙකකි. එහි පලමු ඡායාරූපයේ ඔය කියන ආකරයේ පුරන් කුඹුරක් තබා පිටියක ස්වරූපයක් වත් දක්නට නැති බව පැහැදිලි ය. එහි ඇත්තේ ඒකාකාරව ව්‍යාප්තවූ වනාන්තරයකි.

එබැවින් තවත් මුසාවන්ම පවසමින් ජනතාව රැවටීමට උත්සාහ නොකර ලෙස අප මේ වන විනාශය පිටුපස සිටින සියලු ගිහි පැවිදි පාර්ශව වලින් ඉල්ලා සිටිමු.
එසේම මින් පෙරද මේ ආකරයෙන්ම වනාන්තර විනාශ කර කොම්පැණිකරුවන්ට ඉඩම් ලබා දීමට කටයුතු කල ආකාරය පිලිබඳව අප නොදන්නවා නොවේ. එම ඉඩම්වල වගා කලේ දේශීය වී නොවන බවද අප නොදන්නවා නොවේ.

ඉතින් හිමියනි, ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත. පාලුකඩවල වැව් තාවුල්ලේ හස්ති වාසභූමි සුරක්ෂිත කිරීමට, වැවේ ජලපෝෂක ප්‍රදේශය සුරක්ෂිත කිරීමට, එමගින් සියලු සතුන්ගේ ජීවිත සනසාලන්නට ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත. දෙව්දත් ගිය මග ගොස් මංමුළා නොවී, තන්හාව නසා බුදුන් ගිය මග ගොස් රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් සේවයක් කර අමරනීය යති රුවනක් ලෙස අමරනීය වන්නට ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත.

leave a reply