ගල්ගමුව රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර විනාශය හෙළි කල අයට තර්ජන

නමුත් මෙහි කිසිදු වන විනාශයක් සිදු නොවන බවත් සිදුවන්නෙ පුරන් කුඹුරු යායක් එලි පෙහෙලි කර දේශීය වී වගා කිරීම පමණක් බවත් සඳහන් කරමින් ජනතාව නොමග යවන්නට තතනන දෙව්දත්ලාට පිලිතුරු සැපයීම අත්‍යාවශ්‍ය නිසා පමණක් මේ සටහන තබමි.

මෙහි දැක්වෙන්නේ වැනසෙමින් පවතින පාලුකඩවල වැව් තාවුල්ලේ අතීත හා වර්තමාන ඡායාරූප දෙකකි. එහි පලමු ඡායාරූපයේ ඔය කියන ආකරයේ පුරන් කුඹුරක් තබා පිටියක ස්වරූපයක් වත් දක්නට නැති බව පැහැදිලි ය. එහි ඇත්තේ ඒකාකාරව ව්‍යාප්තවූ වනාන්තරයකි.

එබැවින් තවත් මුසාවන්ම පවසමින් ජනතාව රැවටීමට උත්සාහ නොකර ලෙස අප මේ වන විනාශය පිටුපස සිටින සියලු ගිහි පැවිදි පාර්ශව වලින් ඉල්ලා සිටිමු.
එසේම මින් පෙරද මේ ආකරයෙන්ම වනාන්තර විනාශ කර කොම්පැණිකරුවන්ට ඉඩම් ලබා දීමට කටයුතු කල ආකාරය පිලිබඳව අප නොදන්නවා නොවේ. එම ඉඩම්වල වගා කලේ දේශීය වී නොවන බවද අප නොදන්නවා නොවේ.

ඉතින් හිමියනි, ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත. පාලුකඩවල වැව් තාවුල්ලේ හස්ති වාසභූමි සුරක්ෂිත කිරීමට, වැවේ ජලපෝෂක ප්‍රදේශය සුරක්ෂිත කිරීමට, එමගින් සියලු සතුන්ගේ ජීවිත සනසාලන්නට ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත. දෙව්දත් ගිය මග ගොස් මංමුළා නොවී, තන්හාව නසා බුදුන් ගිය මග ගොස් රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් සේවයක් කර අමරනීය යති රුවනක් ලෙස අමරනීය වන්නට ඔබවහන්සේ තවමත් ප්‍රමාධ නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...