Breaking News

අවුරුදු 10 දී දික්කසාදවූ මම නුඡූඩි වෙමි – ‘‘ I am Nujood, Age 10 and Divorced.‘‘

උපාලි ජයසිංහ

යේමනය යනු මැද‍‍පෙරදිග හා අරාබි ලෝකයේ අතිශය දුප්පත් දශක ගණනාවක් තිස්සේ දිග ඇදෙන සිවිල් යුද්ධයකින් හෙමිබත්වු රාඡ්‍යකි. එමෙන්ම එය රඡයේ හමුදාවන්ද කැරලිකාර කණ්ඩායමිද සිත්සේ අහිංසක මිනිසුන් හා දරුවන් ඝාතනය කරමින් සිටන රටකි. එක්සත් ඡාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව මිලියන 14 කට ආසන්න ජනතාවක් මෙිවනවිට සාගතයක අද්දරය . ඡනතාවගෙන් හතරෙන් එකක් උපයන්නේ දිනකට ඇ.ඩොලර් 3 ට අඩුවෙනි. පවුලකට ඩොලර් 3 කින් ඡීවත්වීම අතිශය අමාරු කාරනයක් වන විට එකී පවුලේ විවාහය නැමති කාරනාව අනිවාර්යෙන් වෙළදාමක් බවට පත්වෙයි. සිත් කමිපාකරවන කරුණ නම් මෙම වෙළදාමෙි භාන්ඩය වයස අවුරුදු 12 ට අඩු කුඩා දැරියන් වීමයි. සමහරවිට ඔවුහු මල්වරවිය හෝ පසුකර නොමැත. යේමනයේ ගැහැනු ළමයින්ගෙන් හරි අඩක් පමණ වයස 18 ට පෙර විවාහ වී සිටින අතර ඉන් සමහරු අවුරුදු අටක් තරම් කුඩා දැරියන් වන්නේ මෙි නිසාය .

දැන් අපි පින්තූරයේ කතාවට එමු. කතන්දරයේ නායිකාව වන නුඡූඩි මොහමඩි අලිගේ පියා යේමනයේ පාර අතුගාන්නෙකි. බිරින්දන් දෙදෙනෙක් නඩත්තු කරන ඔහු නුඡුඩි සමග තවත් දරුවන් 16 දෙනෙකුට තාත්තාය. ඔහු 2008 එක් දවසක සිය 10 හැවිරිදි දියණිය ඇගේ ප්‍රියතම සහෝදරිය වන හයිෆා සමඟ බෝනික්කන් සෙල්ලම් කරමින් සිටින විට මෙසේ කීවෙිය.

‘‘ මම හෙට අනිද්දම ඔයාව කසාද බන්දල දෙනව.ඒ වුනාට ඔයාට ඒ මිනිහ එක්ක ඇදුමි නැතිව ඇදක ඉන්න ඔනවෙන එකක් නෑ ‘‘

තවමත් දෙක වසරේ ඉගෙණුම ලබමින් සිටි නූඡුඩිව පාසලෙන් අස්කරගත් මෙි මිනිහා කිවිවා සේම ඇය වෙනුවෙන් ස්වාමිපුරුෂයෙකුව සූදානම් කලේය. ඇගේ මංගල තෑගි වලින් නජූඩ් විස්මයට පත් විය: රීදීපැහැ ඇඳුම් තුනක්; සුවද විලවුන් කුප්පියක් , පියර පෙටිටියක්, ලස්සන පනා කිහිපයක් සහ හිජාබ් දෙකක් ඒ අතරවිය. 30 හැවිරිදි මනාලයා ඇයට ඩොලර් 20 ක මුද්දක්ද ලබා දී තිබිනි . සත්තකින්ම මෙය වෙළදාමකි. සිය දියණියව පියෙක් විසින් ලිංගික වහල්වෙළදාම පිණිස වහල් හිමියෙකුට වික්කා හා සමානය. ඔහු තම දියණිය විකුණා තිබුනේ යුරෝ 1000 කටය.

සිය පියා කීවාක් මෙන් නාදුනන වැඩිමහල් මිනිහෙක් සමග නුඡූඩිට ඇදුමි රහිතව ඇදක ඉන්න කිසි වුවමනාවක් නොවුනා වුනත් සිය සැමියාට එය එසේ නොවීය. නුඡූඩි ශෝකයෙන් හඩා වැටෙද්දී මිනිසා ඇයව ඇදගෙන ගොස් පහර දෙමින් දූෂණය කලේය. එය පසුව දෛනික පුරුද්දක් විය . ටික දවසක් බලාසිටි කෙල්ල යමි අවස්ථාවක සිය වධකයාගේ නිවෙසින් පැනගත්තාය. එසේ පැනගත් ඇය සිය නිවෙසට ගියේ නැත. කෙලින්ම ගියේ නගරයේ අධිකරනය වෙතය. නුඡූඩි වෙසෙන සමාඡයේ කවුරුවත් ඇයට එසේ කරන්න කියා දෙන්නේ නැත මක්නිසාද බාලවයස්කාර විවාහ යේමනයේ සාමන්‍යකරණයකි එහෙත්. යේමන ඉතිහාසයේ දහස් ගණනක් වු බාල වයසින් විවාහ කරදුන් පුංචි දැරියන් කිසිවිටෙක මෙතෙක් සිතාවත් නොමැති හා නොකල දෙයක් ඒ කෙලි පොඩිත්තිය ක්‍රියාවට නගමින් සිටියාය. එය ඇගේ විවාහයේ දැඩි අප්‍රියතාවයේත්, නිර්භයත්වයේත් සංකලනයක් විය. .ඇගේ වාසනාවකට එදින ළමා අයිතිවාසිකමි වෙනුවෙන් නිතරම නොමිලේ පෙනී සිටින නිර්භය නීතිවෙිදිනිය ෂඩා නසීර් Shada Nasser උසාවියේ සිටි වෙිලාවකි.. කෙලි පොඩිත්තිය තුරුලුකරගත් ඇය ඉන් දින කිහිපයකට පසුව නුඡූඩිගේ දික්කසාදය ලබා දුන්නාය.

දික්කසාදයෙන් අණතුරැව නුඡුඩි ගේ පියාට දැඩිලෙස අවවාද කරමින් නුඡූඩිව නැවත දෙක වසරේ සිට පාසැල් යාමට සැලස්වු ෂඩා නසීර් නිරතුරුව මෙි පුංචි කෙලිපොඩිත්තිය පිළිබද විමසිල්ලෙන් සිටියාය. පසුව ෂඩා මෙි පුංචි දැරිවියව ප්‍රංශ මාධ්‍යෙවිදියකු වු ඩෙල්පින් මිනෝයිට Delphine Minoui මුණ ගස්වමින් ඇගේ කතාව ඔහු හරහා පොතක් ලෙස පළකලාය. අපි මෙි සටහනට මාතෘකාව ලෙස ගත්තේ ‘‘ I am Nujood, Age 10 and Divorced.‘‘ නමි වූ එකී පොතේ නාමකරනයයි. . එකී නවකතාව ලබන ආදායමෙන් හරි අඩක් නුඡූඩි අලිටය. ෂඩා නසීර් මොන අන්දමෙි මානවවෙිදිනියක්ද? 2008 නොවැම්බරයේදී එක්සත් ජනපද ප්‍රකටම කාන්තා සඟරාව වන ග්ලැමර් විසින් නජූඩ් අලි සහ ඇගේ නීතිවෙිදිනය ෂඩා නසාර් වසරේ කාන්තාවන් ලෙස නම් කරන තිබිණි. එහිදී අලිගේ ධෛර්යය හිලරි ක්ලින්ටන් සහ කොන්ඩලීසා රයිස් ඇතුළු ප්‍රමුඛ කාන්තාවන් විසින් පැසසුමට ලක් කරන ලදී.

මෙි සිද්ධියෙන් පසුව නඡූඩි සිය නීතිඥවරිය සමග තරහවී සිටියාය. නඡුඩි සිතුවෙි ග්ලැමර් සගරාව වර්ෂයේ කාන්තාවන් ලෙස ඇයට යමි මුදලක් දුන්බවත් එය නීතිඥවරිය තමාට නොදී රහසිගතවම ඇය සන්තක කර ගත් බවත්ය එහෙත් සත්‍යනමි ග්ලැමර් සගරාව කිසිවිටෙක එසේ මුදල් දුන්නේ නැති බවය. ෂඩා නසීර් මෙි සියල්ල කලේ මනුෂ්‍යත්වය අරභයා පමණක් බවය. ලෝකයේ සමහර සිද්ධි සිද්දවන්නේ ඔය පිලිවෙලයටය. එය ෂඩාගේ වැරද්දක් නොවෙි. අපි යන්න ඉවත දමමින් මම යන්න උත්කර්ශයට නංවන මෙි ක්‍රමය ෂඩාට උගන්වා ඇත්තේ එසේ සිතිමටයි. ඉතින් තාත්තා දුවව විකුණන්නේ ඒ ක්‍රමයේම දිගුවක් ලෙසය.

leave a reply