ඔය ගත්තයි කියන තීන්දුව අරන් තියෙන්නෙ ආණ්ඩුවේ හිතවත් පක්ෂ සමඟ මිසක් අපි එක්ක නෙවෙයි.

මැයි දින සැමරුම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති තම විරෝධය පළ කර තිබෙනවා.පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මැයි දින ක්‍රියාමාර්ග නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසුවත් මෙම වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ පවසන්නේ මෙය ආණ්ඩුවේ දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා වසංගතයට මුවාවී ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බවයි.

මේ පිළිබඳව  ජනතා විමුක්ති  පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, ලංකා කම්කරු පොදු සේවක සමිතියෙ සභාපති සිල්වෙස්ටර් ජයකොඩි යන අයගෙන් අපි මේ  පිළිබඳව විමසා සිටියා.  ඔවුන්  සියලු දෙනා පවසන්නේ ආණ්ඩුවේ  මෙම ක්‍රියාමාර්ගය අනුමත නොකරන බවත්  මැයි පළමුවෙනිදා  කිසිදු පැකිලීමකින් තොරව මැයි දින සැමරුම් පවත්වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්