මර්දනයේ බෝලේ සෙල්ලම් කරමින් ඉන්න ලෑස්ති නැහැ, අරගලයේ අරමුණු දිනාගැනීමට වැඩ කරනවා – කුමාර් ගුණරත්නම්

මර්දනයේ බෝලේ සෙල්ලම් කරමින් සිටීමට සූදානම් නැති බවත් අරගලයේ අරමුණු දිනාගැනීම වෙනුවෙන් වැඩකරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එසේම ප්‍රචණ්ඩත්වයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගකිව යුතු බවට රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශය පිළිකුලෙන් හෙළ දකින බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය. අරගලය ආරම්භයේ සිටම ප්‍රචණ්ඩත්වය පවිච්චි කරනු ලැබුවේ ආණ්ඩුව විසින් බවත් ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ භාෂාව වූ බවත් ඔහු අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රඹුක්කන වෙඩි තැබීම, මැයි 09වනදා සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම, සමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීම, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා ප්‍රචණ්ඩත්වය එල්ල කරේ කවුරුන්ද යන්න පැහැදිලි වන බවත් ඔහු පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ කරන්නට උත්සාහ කරන්නේ අරගලය සම්බන්ධයෙන් බියක් ඇතිකර අරගලයෙන් ජනතාව ඈත් කිරීමට බව ද කුමාර් ගුණරත්නම් පැවසීය.

මෙම මර්දනය තම දේශපාලන අසමත්කම වසා ගැනීම සඳහා කවට පාලකයෙකු විසින් ක්‍රියාත්මක කරන නිවට මර්දනයක් බවද ඔහු පැවසීය. මර්දනය හරහා පෙන්වමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ නොහැකියාව බවද කුමාර් වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...