Breaking News

සුළු ජනවර්ගයන්ගේ වේදනාවේ දේශපාලන දෘෂ්ටිවාදය කුමක් විය හැකිද ?

අරුණි සමරකෝන්

කහපැහැති දාස්පෙතියා මල් කලඹ

නිග්‍රෝ ඇය , ඔසවාගෙන යයි
පරණ පුවත්පතකින් ඔතන ලද
ආලෝකයේ පැහැයෙන් බබළන
දාස්පෙතියා මල් කළඹක්
නිරුවත්හිස සහිත ඇයගේ සිවුර
ඇදෙන විට වක්ව ගිය දෙපා සමඟ
එබිකම් කරයි ගුදම් සල් වෙත දොරකවුළු වෙන්,
එවිට
ඉහලට එසවී තිබුණි
එම ආලෝකමත් මල් කළඹ
කවුරුන් ද ඇය
වෙනත් දේශයකින් පැමිණි
රාජ දුතිකාවක් වේද
එහි වේද ආලෝක පැහයෙන් පිරුණු
දාස්පෙතියා පුරයක්
අනෙකුන් නොදන්නා ඇය
රැගෙන ගියේ මල් කළඹ
එලිය ගෙනන
සුලක් ලෙස එදින උදැසන

මෙය Willam Carlos Williams ගේ A Negro Woman (https://www.babelmatrix.org/works/en/Williams%2C_William_Carlos-1883/A_Negro_Woman) හි මගේ අනුවාදනය වේ . මෙම කවිය සිහි කැඳවුයේ පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනවර්ගයන් ගේ එකමුතුවෙන් පැවති අවිහිංසාවාදී පා ගමන දිටු විටය.

මේගෙවෙන මෙහොතේ ශ්‍රී ලංකාව යනු ගෝලීය වසංගතයේ මෙන්ම ආර්ථිකය කළමනාකරණ දුෂ්කරතාවයේ ද වින්දිතයෙක් වී ඇත. නිවැරදි තොරතුරැ ලබාගැනීමේ දුෂ්කරතාව, ආඥාදායක බලය යටතේ ඕනෑම තොරතුරක් සුජාතකරණ කර, කිසිදු තොරතුරු නිරික්ෂන්යකින් තොරව ජනමාධ්‍ය වෙත මුදා හරින පරිසරයක, මෙවැනි ජන පිබිදීමක් මගින් පෙනී යන්නේ , ශ්‍රී ලාංකික වැසියා (ස්ත්‍රී / පුරුෂ ) දෙපාර්ශවයම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙත තවමත් බලාපොරත්තු තබා තිබෙන බවය. එහි සිංහල- බෞද්ධ නියෝජනය ප්‍රශ්නකාරී වීම ද අනෙක් අතට එමගින් පෙනීයන්නේ ප්‍රජාතන්තවාදය පිලිබඳ වන පැතුම යටපත් වන සලකුණුය. එහෙත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ , එම සිංහල – බෞද්ධ ජනකාය ද මෙම ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තුවේ ආලෝකය වෙත රැගෙන ඒමය.
එය සිදු කළහැක්කේ කෙසේද ? ඒ සඳහා කවුරුන් පෙරමුණ ගත යුතුද ? එහි දේශපාලන දෘෂ්ටිවාදය කුමක් විය යුතු ද ? මේ පිලිබඳ අවධානය කරමින් , මෙම ලිපිය ඉදිරියට ගලා යනු ඇත .

වාමාංශික සහ දක්ෂිනාංශික පක්ෂ සහ ඒවායේ ම දිගුවන් වන වෘත්තීය සමිති ද වාර්ගිකවාදී සිවිල් සමාජ කණඩායම් හි නියෝජිතයන් වන චීවරධාරීන් කිහිප දෙනෙකුද එක් මණ්ඩලයක සිට ගනිමින් ජාතික සම්පතක් වන ‘නැගෙනහිර ජැටිය’ වෙත ඉන්දියාවේ ආදානි සමුහ ව්‍යපාරය විසින් යෝජනා කර , ශ්‍රී ලංකා ආණ්ඩුව ද එකඟ වූ ආයෝජන ව්‍යපෘතිය අවලංගුකිරීම වෙනුවෙන් උද්ඝෝෂණ , විරෝධතා සමුහයක් සංවිධානය කරන ලදී . මෙම මණ්ඩල තුල සුළු ජනවාරිගික නියෝජන දැකගත නොහැකි වූ අතරම මතක් කලයුතු කරුණ වන්නේ වාර්ගිකවාදී සිවිල් සාමාජ කණ්ඩයාම් හි චීවරධාරී නියෝජනය මෙරට ලාංකික ශ්‍රමය, බහුජාතික සමාගම් විසින් සුරාකනු ලබන විට, එම ශ්‍රමික සම්පත සුරැකීමට කිසි දිනක පෙරට නොපැමිණි බවය . එසේම තමන්ගේ මුලික අයිතියක් වන දෛනික වැටුප රුපියල් 1000 කරගැනීමට මාවතේ සිටින වතුකම්කරුවන් වෙනුවෙන් හෝ ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් පිඩනයට පත් වූ ජනයා වෙනුවෙන් හෝ කිසිදු වාමාංශික හෝ දක්ෂිනාංශික ව්‍යපාරයක් සමඟ මෙම චීවරධාරීන් මෙයට පෙර සිටගෙන නොසිටි බවද සිහියේ තබාගත යුතුය . මෙම ප්‍රකාශනය හරහා මාගේ තර්කයනම් , මෙවැනි වාර්ගික නියෝජිතයන් සමඟ බද්ධ වෙමින් ජනතාව සුරැකීමේ ව්‍යාපාරයක් ගොඩනැගීම කළ නොහැකි බවය.

එසේම එම වාර්ගිකවාදී කණ්ඩායම් සමඟ ගනුදෙනු කරන වාමාංශික සහ දක්ෂිනාංශික ව්‍යාපාරයන් තුල අදටත් වාර්ගික බෙදීම් දෘශ්‍යමානවේ . මෙවැනි පසුබිමක, උතුරේ ජනයාගේ මෙම පිලිබිදීම වෙත සංවේදී වීමට දකුණේ අධිපති දේශපාලනයට මෙන්ම විකල්ප දේශපාලනය ට ද හැකියාවක් නොමැත. 2015 සිටම , උතුරු – නැගෙනහිර ජනතා හඬ කේන්ද්‍ර වුයේ අතුරුදහන් කරන ලද තම ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සහ හමුදාව විසින් බලාහාත්කාරයෙන් යටපත් කරගෙන සිටින තම නිජභුමි හි අයිතිය නැවත ලබා ගැනීම යන ප්‍රමුඛ කරුණු වෙනුවෙනි . බලහතකාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් “අප්‍රාප්තිය සහතික ” කිරීම සහ ඒ වෙනුවෙන් වූ කාර්යාලයක්, ගෝලීය ආභරණයක් ලෙසට විලාසනය කිරීම හැර වෙනත් කිසිදු නෛතික ප්‍රවේශයක් වෙත එලබීම හරහා වින්දිතයන් වෙනුවෙන් අධිකරණ සහන සැපයීමට පසුගිය රජය අසමත් විය. එම අසමත් වීම පිටුපස පැවති බලවේග වුයේ , අද , ජාතික සම්පත් හි ආරක්ෂණය වෙනුවෙන් පෙනීසිටීමට උත්සුක වන වාර්ගික සහ ආගම කේන්ද්‍රීය සිවිල් සමාජ කණඩායම් වේ . අතුරුදහන් කිරීමේ පනත සහ එම යාන්ත්‍රණ සක්‍රිය කිරීම වෙනුවෙන් දකුණේ බලමුළු ගැන්වීමක් කිරීමේ ප්‍රධානම වගකීමක් ජනතා විමුක්ති පෙරමුණ සතු වී යන දේශපාලන කියවීමේ මම තදින් සිටිමි. තම විකල්ප දේශපාලන ව්‍යාපාරයේ සාමාජිකත්වය බලාහාත්කාරයෙන් අතුරුදහන් කිරීම වෙනුවෙන් හෝ ඔවුන් ට තදබල හඬක් දකුණේ සමාජය වෙත ගෙන එමින්, එමගින් උතුර-නැගෙනහිර සමඟ සම්බන්ද වී ආණ්ඩුවට සමඟ සමාන බලයක් ඇති කණ්ඩායමක් ලෙස සකච්ච්ජා කිරීමට දේශපාලනිකව උත්තේජනය නොවීම පුදුමයකට කරුණකි. එහි වන දේශපාලනය නැවත සමබන්ද වන්නේ , එම පක්ෂයේ ද සැඟව පවතින වාර්ගික දේශපාලනය සමඟිනි .

අනෙක් කරුණ නම් , විකල්ප දේශපාලන පුරුෂ ලිංගික ප්‍රේමින් ද මෙම උතුරේ ජනයා ව නැවත නැවත පීඩනයට පත්කිරීමය. එම පීඩනය හැදින්විය හැකි නාමය නම් , වාර්ගික පරපිඩික කාමුකත්වය ලෙසිනි. එමගින් මෙම විකල්පවාදී පුරුෂ මුලාශ්‍රයන් , වේදනාවෙන් වින්දනය ලැබීම හැර , යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ප්‍රබලව කැප නොවිනි. මෙම කියවීම තහවුරු කිරීම වෙනුවෙන් මාගේ සාක්ෂිය වන්නේ උතුරු නැගෙනහිර මිනිසුන්ගේන් ගේ ගලායන කදුළු ධාරාවන් වේ . එසේම, මෙම ජනයා දේශපාලනිකව සක්‍රිය කිරීමට බිම් මට්ටමේ ක්‍රියාත්මක වන සිවිල් සමාජද පවතී බව කිව යුතුමය. මෙම සිවිල් සමාජ , සමාජ පරිවර්තනය පිළිබද විශ්වාස කරන අතර , එකිනෙකාගේ සමාජ සහ ජිවිත සුරක්ෂිතතාව වෙනුවෙන් සාමුහිකව ක්‍රියාත්මක වන බව ද දැකිය හැකිය. එවැනි කණ්ඩයාම් මා නම් කරනුයේ ආලෝකමත් දාස්පෙති කලඹක් ලෙසිනි.

සුළු ජනවර්ගයන් ගේ ගැටළුව දේශපාලන සහ මුල්‍ය වංචාවන්ගෙන් තොරව කතා කිරීමට හැකි පරිසරයක් දැන් ගොඩනැගිය යුතුමය. එම ජනතාවගේ ජිවිත කාලයම ප්‍රචණ්ඩත්වය , ගැටුම් , යුක්තිය අහිමි වීමේ භීතිය සහ බලාපොරොත්තු විරහිත වීමේ හිරවීම හුදෙක්ම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්ම සිදුවූ වක් නොවන බවතේරුම් ගත යුතුය . එම දැනුමේන් යුතුව ගොඩ නගන පිටිකාවේ කිසිදු අකාරයක බෙදීමක් පැවතිය යුතු නැත . එය වාර්ගික බෙදීමේ සිට , ලිංගික , පළාත් , කුළය , ජෙෂ්ට – කනිෂ්ට බෙදීම් ද ඉක්මවා යමින් ගොඩ නැගිය යුතු වේ . එය පහසු ක්‍රියාන්විතයක් ද නොවේ . ඒ වෙනුවෙන් නැවත නැවත සංවාදය සහ බලගැන්වීම් සිදු විය යුතු අතර, අත්‍යවශ්‍යයෙන්ම එම ක්‍රියාවලියේ පුද්ගල හෝ කණ්ඩයම් (බලයේ සිටින ආණ්ඩු / විවිධ සමාජ තල නියෝජනය කරන සිවිල් සේනාංක )හිමිකාරිත්වයක් නොතිබිය යුතුය. නැතිනම් , මේ වනතුරුම සිදුව පවතින්නේ ද මතුවට පවතිනුයේ ද , සුළුජනවර්ගයන්ගේ වේදනාවේ හිමිකාරිත්වය එක් , එක් කණ්ඩයාම් විසින් පවරාගනිමින් එයින් පරපිඩක කාමුකත්ව වින්දනය ලැබීම පමණි .

 

leave a reply