තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක්

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ වෛද්‍ය කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක මහතාගේ මරණය අභිරහසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳ තදබල විවේචකයෙකු වූ වෛද්‍ය අමිල සදකැලුම් දිසානයක, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මේ වන විට පවත්වාගෙන යන නීති විරෝධී වකුගඩු ජාවාරමට එරෙහි පරීක්‍ෂණයේදී මෙම නීති විරෝධී ජාවාරමේදී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කොට තිබෙන මාතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සහ වෛද්‍ය මොනික් අඹේපිටියට විරුද්ධව සාක්‍ෂි දීමටද සූදානමෙන් සිටි අයෙකි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට සහ වෛද්‍ය මොනික් අඹේපිටියට මෙන්ම බොරැල්ලේ වෙස්ටර්න් රෝහලට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාරක සභිකයන් වන වෛද්‍ය ජයන්ත ජයවර්ධන සහ වෛද්‍ය එස් ෂන්මුගම් යන මහතුන් ගේ ප්‍රධානත්වයෙන් විභාග වන මෙම පරීක්‍ෂණයේදී වෛද්‍ය අමිල සදකැලුම් දිසානයක මහතාගේ සාක්‍ෂි අතිශයින්ම වැදගත්කමක් දරන්නට තිබූ බව වකුගඩු ජාවාරම් විරෝධී වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති. මේ නිසා වෛද්‍ය අමිල සදකැලුම් දිසානයක ගේ මරණය සැක සහිත බව මෙම වෛද්‍යවරු පවසති. නාරම්මල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු වූ සදකැලුම් දිසානයක මහතා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...