134 දෙනෙකුගේ ජනාධිපති දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දී තිබේ. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල හරහා මත දක්වන පිරිස් පවසමින් සිටින්නේ ඔහු 134 දෙනෙකුගේ පමණක් ජනාධිපතිවරයා බවයි.

එයට හේතුව ඊයේ ජනාධිපතිවරයෙකු තෝරාපත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී රනිල්ට පක්ෂව 134 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබීමයි. එසේම මෙම 134 දෙනෙකුගේ ජනාධිපති බව පැවසීමේ කතාව පිටුපස තවත් තේරුමක් පවතින බව පෙනේ. එනම් රනිල් වික්‍රමසිංහගේ තෝරා පත්කර ගැනීම මේ මොහොතේ පවතින ජනතා මතය නියෝජනය නොකරන බවයි. ඒ අනුව ඔහු මෙරට ජනතාවගේ නොව පාර්ලිමේන්තුවේ 134 දෙනෙකුගේ පමණක් ජනපති පමණක් බව සමාජ මාධ්‍ය ජාල හරහා මත දක්වන්නන්ගේ අදහසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...