පියකුගෙන් දුවකට පණිවිඩයක් – දුවේ නුඹට මාස 11 දැන්

උඹේ වයසේ තවත් ලක්ෂ 3 ක් විතර දරුවො ඉන්නවා
එම දරුවන්ගෙ පවුල් වලින් 60% විතර ලබන්නේ අවම ජීවත් වීම සඳහා සරිලන ආදායමක්
ඉන් 14% කගෙ වහල අස්ථාවරයි,10% වැසිකිළි නැහැ.
නුඹව මට සමහර විට පුද්ගලික සරසවියකට යවන්න පුලුවන් වේවි
නමුත් ඔයටත් වඩා දක්ෂ යාලුවො 60% පිරිසේ ඉන්නවා.
ඉතින් අධ්‍ය‍ාපන නිදහස කියන්නේ 10% ක දරුවන්ට ඉගෙන ගන්න ආයතන හදන එක නෙමෙයි
හැම දරුවෙකුටම පවුලේ වත්කම් මත නොරැඳෙන
අධ්‍ය‍ාපන අයිතීන් හිමිවන එක තමයි නිදහස්
අධ්‍ය‍ාපනය කියන්නේ
මම එහෙම කිව්වම මාමා කෙනෙක් කියනවා එක කුහක කම කියලා
ලොකු වෙලා 100% ළමයින්ට අධ්‍ය‍ාපන අයිතීන් හිමිවන ආර්ථික සමානත්වය ඇති කරන්න සටන් කරන්න
අර මාමා වගේ අයට කියන්න තමන්ගෙ දරුවා ගැන විතරක් නෙමෙයි හැම දරුවා ගැනම හිතන එකට කියන නම කුහක කම නම් එය සිංහල භාෂාවෙ අවුලක් මිසක් තාත්තා ගෙ අවුලක් නෙමෙයි කියලා …
මීට තාත්තා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...