ලෝක තෙත් බිම් දිනය අදට (02) යෙදී තිබේ. ඉහත ඡායාරූපයෙන් දක්වෙන්න මුතුරාජවෙල ද ශ්‍රී ලංකාවේ වැදගත්ම තෙත්බිම් 12 අතරට ද අයත් වන්නකි. 2017 අපේ‍්‍රල් මස 25 වන දා මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි‍්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මීට අමතරව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට 2016 අගෝස්තුමස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප‍්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීමසඳහා භාවිත කළේ ද මුතුරාජවෙළ තෙත් බිමයි.
මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත්ජාතීන්ගේ රැම්සාර් ප‍්‍රඥප්තියට 1990 ඔක්තෝබර් මස 15 වන දින ප‍්‍රවිශ්ඨ වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමිප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා කොළඹ රැම්සාර් තෙත් බිම් නගරයලෙස රටේ ප‍්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම්ආරක්ෂා කිරීමට අප ජාත්‍යන්තරව බැදී සිටී.
එසේ තිබිය දී විවිධ වූ පුද්ගලයන් විසින් මෙම තෙත්බිමේ ඉඩම් ගොඩ කරමින් අනවසර ඉදිකිරීම් සිදු කරමින් සිටියි. මේ වනවිට මැල්වත්ත නම් සමාගමක වුවමනාවන් මත මෙම වටිනා පරිසර පද්ධතිය ගොඩකර හෝටලයක් ඉදිකිරීමට අනුමැතිය ලබාදීමට රජයේ පරිසර සම්බන්ධ ආයතන දත කමින් සිටියි.
රැම්සා සම්මුතිය
1971 වසරේ පෙබරවාරි 02 දින ඉරානයේ රැම්සා නගරය අවට කැස්පියන් මුහුදු වෙරළේ තෙත්බිම් තීරය ආරක්ෂා කර ගැනීම සඳහා සම්මුතියකට එළඹි අතර එය තෙත්බිම්වල පාරිසරික ස්වභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අත්සන් කළ පැරණිතම ගිවිසුමක් ලෙස සැළකේ. එම සම්මුතියේ වැදගත්කම සලකා අදාල සම්මුතිය අත්සන් කළ පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත් බිම් දිනය ලෙස නම් කෙරිණි.
මේ වනවිට රැම්සා සම්මුතිය සඳහා රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා ඇති අතර ශ්‍රී ලංකාව 1990 වසරේදී ඒ සඳහා අත්සන් තැබීය.
මෙම සම්මුතිය කෙතරම් වැදගත් වූයේද යත්, අද වනවිට ලෝකයේ ඉතා වටිනා මිරිදිය හා කරදිය ආශ්‍රිත තෙත් බිම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම තෙත් බිම් රැම්සා තෙත් බිම් ලෙස හඳුන්වා ලෝක උරුමයන් ලෙස නම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් 06 ක් නම්කර තිබෙන අතර ඒ හරහා හෙක්ටයාර 198,172 ක් ආරක්ෂා කිරීමට සම්මුතිගත වී තිබෙනවා.
මෙරට පළමු රැම්සා තෙත් බිම 1996 වසරේදී බුන්දල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව නම්කළ අතර එම තෙත් බිම හෙක්ටයාර 6210 කින් සමන්විත වේ. දෙවැනි රැම්සා තෙත් බිම 2001 වසරේදී නම් කළ එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිත ආනවිලුන්දාව අභය භූමියයි. එය හෙක්ටයාර 1357 කින් සමන්විත වේ.
මීට අමතරව මාදු ගඟ ආශ්‍රිත තෙත් බිම, මන්නාරම වාන්කාලේ අභය භූමිය, කුමන පානම අභය භූමිය, විලපත්තුව අභය භූමිය රැම්සා තෙත් බිම් ලෙස නම්කර තිබේ.
2018 වසරේදී අන්තර්ජාතික වැදගත් තෙත්බිම් නගර කිහිපයක් ලෝකයේ රටවල් කිහිපයක නම් කරනවා. ඒ ඩුබායිහි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේදීයි. මෙම නගර අතරට කොළඹ නගරයද ඇතුළත් වීම විශේෂත්වයකි.
පසුගිය කාලයේදී ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වූ අතරඅක්කර කිහිපයක් ඩොසර් කර ඉස්සන් වගාව සඳහා සකස් කර තිබිණි. මේ සම්බන්ධයෙන් බළධාරීන් දිගින් දිගටම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එහෙත් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ. කෙසේ නමුත් මෙම ඩෝසර් කිරීම හරහා අදාල පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබඳව තක්සේරු කිරීම හෝ එම හානිය අවම කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
පසුගිය කාලයේදී දිගින් දිගටම මෙවැනි පරිසර හානි පිළිබඳව වාර්තා වූ අතර ඊට සාපේක්ෂව ඔවුන්ට දඬුවම් කිරීම හෝ අදාල පරිසර හානිය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම සිදු නොවේ.
ඡායාරූපය උපුටාගැනීම – ශෂිකලන රත්වත්ත