ත්‍රිකුණාමල තෙල් ටැංකි වසර 50ට බදු දෙන්න අනුමැතිය

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ
සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි අනූනමයකින් සමන්වින අතර 2022/1/3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජ තෙල් පර්යන්ත පුද්ගලික සමාගමකට වසර පනහක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම යන ව්‍යාපාර මාදිලි අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...