අනුර කුමාරගේ ප්‍රකාශයක් ගැන මැතිවරණ කොමිසමෙන් කතා දෙකක් කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් යවා ඇතැයි මව්බිම පුවත්පතේ පළ වූ පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නමුත් මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන බිඟුන් මේනක ගමගේ පවසන්නේ මේ ගැන කළ විමසීමේදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයකු ඊයේ(16) පැවසුවේ මෙවැනි ප්‍රකාශ මැතිවරණ නීති උල්ලංඝනයක් බව දක්වමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවයි. ඔහු තම පෞද්ගලික facebook ගිණුමේ මේ බව දක්වා ඇත. බිඟුන් පවසන ආකාරයට සී.එම්.ඊ.වී ආයතනය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරන්නේ 2025.04.02 වැනිදා බවයි.

මැතිවරණ කොමිසම මුලින් එවැනි ලිපියක් යොමුකළ බව පැවසුවත් පසුව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අද (17) මව්බිම පුවත්පතට කතා කර එසේ ලිපියක් යොමුකර නැති බව බව පවසා ඇත.
අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යොමුකළ බවට වූ ප්‍රකාශය ‘මව්බිම’ට කළ ප්‍රකාශකයා සම්බන්ධ කරනු ලැබුවේ ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් බව බිඟුන් මේනක ගමගේ මාධ්‍යවේදිය පවසා ඇත. ඔහු පවසන්නේ මැතිවරණ කොමිසම දැන් කතා දෙකක් කියන බවයි.

Share post:

Popular

More like this
Related

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...