විල්පත්තුව නැවත වවන්න දුන් නියෝගය බල රහිත කරන ඉල්ලා රිෂාඩ් බද්යුදින්ගෙන් අභියාචනයක්

විල්පත්තු වනය විනාශ කරමින් සිදුකළ නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.

කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර ඇත.

එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් කියා සිටී.

මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවන ලෙස ද හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් , මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...