කන්දකාඩු පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 561ක් දක්වා ඉහළට!

අද (20) සවස් වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හට ගත් පොකුරෙන්, කොවිඩ් 19 ආසාදිතයින් 561 දෙනෙක් වාර්තා වේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඉන් පුද්ගලයින් 451ක් පුනරුත්ථාපන වන රැඳවියන් වේ.

පුද්ගලයින් 63ක් කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් ද, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5ක් සහ ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 42 ක් ද මේ අතර සිටී.

ඊයේ (19) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1070ක් සිදු කර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් සංඛ්‍යාව 137,407කි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 20න් 16ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2725 කි. ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 674කි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...