ගෝඨා සහ රනිල් ගෙනා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය අනුර යටතේ ඉදිරියට

ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය පිළිබද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කර තිබූ අතර ඒ අනුව ඉදිරි මාසයේදී මේ සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඩිජිටල් හැඳුනුම්පත වැදගත් බව ඇමැති විජිත හේරත් පවසා තිබේ.

ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය මගින් පුරවැසියන්ට එක් හදුනාගැනීමේ අංකයක් හිමිවන අතර ඒ මගින් රාජ්‍ය සේවා පහසුකම් සැපයීම් ඇතුළු කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට හැකියාව පවතින බව පැවසේ.

මෙසේ ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය ඉන්දියාවේ ආධාර් ව්‍යාපෘතියට සමාන ව්‍යාපෘතියකි. එමගින් ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන් ත රිජුව මුදල් ගෙවීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත් වංචා දූෂන අවම කෙරෙන ඇති බවද විජිත හේරත් පවසා තිබේ.

ඩිජිටල් හඳුම්පතක් සම්බන්ධ ව්‍යාපෘතිය ගැන කතා බහ ආරම්භ වූ වේ වසර කිහිපයක සිට යි. ගෝඨා භය රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුව ද මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සමඟ එක්ව ක්‍රියාවට නැගීමට උත්සාහ කරනු ලැබිණි. මෙහිදී වාමාංශික පක්ෂ ද ඇතුළු බොහෝ ප්‍රගතිශීලී කොටස් මෙයට විරෝධය එල්ල කරමින් පැවසුවේ මේ හරහා අපේ රටේ ජනතාවගේ තොරතුරු ඇතුළත් ව්‍යාපෘතියක් වෙනත් විදේශ රටක බාරය ත පත්කිරීම අනතුරු දායක බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...