ආණ්ඩුව MCC අත්සන් කිරීමකින් තොරවම ගිවිසුම් යෝජනා ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ ප්‍රකාශ කර තිබේ.
ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය.

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස මුලදී නිලධාරීන්ට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරේ. පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.

නමුත් ඉඩම් විස්තර ඩිජිටල්කරණය MCC ගිවිසුමේ ප්‍රධාන යෝජනාවකි. රජ්‍යය ඉඩම් සිතියම්ගත කිරීමෙන් හා ඩිජිටල්කරණය තුලින් ඒවා ආයෝජනය සඳහා ඇති අවකාශය පුළුල් කිරීමත් ඉඩම් ආර්ථික සම්පතක් ලෙස වැඩි දියුණු කිරීම මුලික කරගත් ව්‍යාපෘතියක් මෙහිදී ක්‍රියාත්මක වීමට නියමිත බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම ඉඩම් පහසුවෙන් විශාල සමාගම්වලට විකුණා දැමීමේ අවස්ථාව ආණ්ඩුවට ලැබෙන බවයි. ආණ්ඩුව MCC ගිවිසුම් අත්සන් කළත් නොකලත් එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව මේ අනුව පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...