ඉතාලි අගමැති ඉල්ලා අස්වූයේ ඇයි

2021 ජනවාරි 26 ඉතාලි අගමැති ඉල්ලා අස්වීමට තීරණය කල අතර ජනාධිපති සේර්ජෝ මතරෙල්ල වෙත ඒ බව දැන්වීය. ඒ අනුව නැවත වතාවක් ඉතාලි ආණ්ඩුව පිහිටුවීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන අතර ජනවාරි 27 දින සිට පාර්ලිමේන්තුව හා සෙනට් මණ්ඩළය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා ආරම්භ කරනු ඇත. මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට අවශ්‍යනම් මැතිවරණයකට යෑමට ඉඩ ලැබෙන නමුත් මීට පෙර අවස්ථාවන්හිදී මෙන්ම මෙවරද මැතිවරණයකට නොගොස් පවතින පාර්ලිමේන්තුවටම බහුතරය පෙන්වන ලෙසට යෝජනා කිරීමයි. එහිදී වෙන වෙනම පක්ෂ සමග සාකච්ඡ කර ලබාගන්නා අවබෝධය මත පාර්ලිමේන්තුවේ හා සෙනට් සභාවේ බහුතර බලය පෙන්වන්නට අවස්ථාව දෙමින් කටයුතු කිරීමයි.

2018 මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් සියයට 50 සීමාව ඉක්මවන ඡුන්ද ලබාගන්නට සමත්වූයේ නැත. ඒ අනුව ජනාධිපතිවරයාට සිදුවූයේ ආසන දිනාගත් පක්ෂ වෙත එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව විවර කිරීමටයි. ඒ අනුව තරු 5 ව්‍යාපාරය සහ උතුරු ලේගා පක්ෂය එක්ව ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කිරීමයි. එකිනෙකට පරස්පර කණ්ඩායම් දෙකක් එක්ව ආණ්ඩුවක් පිහිටුවීම නිසා මේ පාර්ෂව දෙකටම එකගවිය හැකි අයෙක් ලෙසයි ජුසෙප්පෙ කොන්තෙ අගමැති වරම ලබන්නේ. ඉතාලි ව්‍යවස්ථාවට අනුව මංතී‍්‍ර නොවන අයෙකුට වුවත් එවන් තනතුරකට පත්කල හැකිය යන ප‍්‍රතිපාදනයට අනුව සල්වීනි/දි මායියෝ ආණ්ඩුව බිහිවිය.

2018 මාර්තු 4 පැවැත්වූ මැතිවරණයට අනුව 2018 ජුනි 1 පිහිටවූ ආණ්ඩුව දෙපාර්ෂවයේ එකගතා බිඳවැටීමත් සමග 2019 සැප්තැම්බර් 5 එම ආණ්ඩුව බිඳවැටුනි.

නැවත ජනාධිපතිවරයා මැදිහත්ව මැතිවරණයකට යෑම වලක්වමින් ආණ්ඩුව පිහිටුවීමට පක්ෂ සඳහා ආරාධනා කල අතර ඒ අනුව තරු 5 ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නිදහස් සමානතා පක්ෂය සහ ඉතාලියා වීවෝ පක්ෂ සංධාන ගත වෙමින් ආණ්ඩුව පිහිටුවීය. එහිදීද අගමැති ලෙස නම් කලේ ජුසෙප්පෙ කොන්තෙ මහතාවමය. එහිදී පාර්ලිමේන්තුවේ ඡුන්ද 343ක් පක්ෂව හා 263ක් විපක්ෂව ලැබුනු අතර සෙනට් සභාවේ පක්ෂව 169ක් සහ විපක්ෂව 133ක් ලැබුනි. ඒ අනුව කොන්තෙ දෙවන ආණ්ඩුව 2019 සැප්තැම්බර් 9 බිහිවිය. ඉතාලි ආර්ථිකය නැංවීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් අනුමත වූ ලැබෙන්නට නියමිත යුරෝ බිලියන 210 ආණ්ඩුව විසින් වෙන්කරනු ලබන ක්ෂේත‍්‍ර පිළිබඳ තමන් එකග නැතැයි පවසමින් ආණ්ඩුවට ලබාදෙන සහයෝගයෙන් තමන් ඉවත්වන බව ඉතාලියා වීවා පක්ෂයේ නිර්මාතෘ මතේයෝ රෙන්සි විසින් ජනවාරි 13 දින පැවසීමත් සමග ආණ්ඩුයේ බහුතරය අභියෝගයට ලක්විය. (නවතම සංගනණ තුලින් කියවෙන්නේ ඔහුගේ බලය සියයට 2ක් බවයි. මේ වන විට පාර්ලිමේන්තු මංත‍්‍රීවරු 30ක් සහ සෙනෙට් සභිකයින් 17ක් ඔහු සතුව පවතී*

ඒ අනුව නැවත බහුතරය පෙන්වීමට ආණ්ඩුවට සිදුවූ අතර ජනවාරි 18 පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීම පැවති අතර එහිදී පක්ෂව 321ක් ලැබුනු අතර 19 දින පැවති සෙනට් සභා ඡුන්ද විමසීමේදී පක්ෂව ලැබුනේ 156කි. විපක්ෂව 161ක් සහ 1ක් ඡුන්දයදීමෙන් වැලකී සිටියහ. එහිදී අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ සෙනට් සභාවේදී ආණ්ඩුවට බහුතරය ලබාගැනීමට නොහැකි වූ බවයි. සෙනට් සභාවේ මුලූ සභික සංඛ්‍යාව 318කි. එහෙත් එය ආණ්ඩුවේ ඉදිරියට යෑමට අනිවාර්යය බලපෑමක් නොවන මුත් ඒ සමගම සෙනට් සභික හිටපු අගමැතිවරයකු වූ රොමානෝ ප්‍රෝදි තම ඉල්ලා අසවීම ජනාධිපතිවරයාට බාර දුනි. එම තත්වයෙන් පසුව පැවති ඇමතිමණ්ඩළ රැුස්වීමේදී තීරණය වූයේ කොන්තේගේ ඉල්ලා අස්වීම බාරදීමටය. ඒ අනුව 2021 ජනවාරි 26 කොන්තෙ විසින් ජනාධිපතිවරයා වෙත තම ඉල්ලා අස්වීම බාදදුනි.

එහිදී ඔහු ප‍්‍රකාෂ කලේ ඉතාලියා වීවා පක්ෂයේ නිර්මාතෘ මතේයෝ රෙන්සි විසින් ඇතිකරන ලද දේශපාලන අර්බුදයේ මූලාරම්භය සොයා ගත යුතු බවත් මෙවන් ආකාරයේ බහුතර කැමැත්තක් ලැබුනේ ඇයිද යන්න සලකා බැලිය යුතු බවත් අර්බුදයට හේතුව තමන්දැයි කාටත් වැටහිය යුතු බවත් මීට වඩා ශක්තිමත් බහුතරයක් සහිත ආණ්ඩුවක් ගොඩ නැගීමට තමන් කැමති බවත් ඒ අනුව ජාතික වගකීම් යටතේ මධ්‍යස්ථ මතධාරීන්ට සහ ලිබරල්වාදීන්ට විවෘතව තිබෙන නමුත් සල්වීනි සහ මෙලෝනි වැනි ස්වෛරීවාදීන් නොමැතිව යන්න ප‍්‍රකාෂ කලේය. ඒ අනුව ඔහු ඉල්ලා අස්වුවත් ශක්තිමත් බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටී.

2018 මාර්තු පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුව සඳහා දක්ෂිණාංශික සංධානය සියයට 37ක්ද වාමවාදී කණ්ඩායම සියයට 22.85ක්ද තනි පක්ෂයක් ලෙස තරු 5 ව්‍යාපාරය සියයට 32.68ක් ලෙසද සෙනට් සභාව සඳහා දක්ෂිණාංශික සංධානය සියයට 37.50ක්ද වාමවාදී කණ්ඩායම සියයට 23ක්ද තනි පක්ෂයක් ලෙස තරු 5 ව්‍යාපාරය සියයට 32.22ක් ලෙසද ලැබුනි. පාර්ලිමේන්තුවේ මුලූ මංත‍්‍රී සංඛ්‍යාව 630ක්ද සෙනට් සභිකයින් 318ක්ද වේ.

තීමස් විජිත්

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...