කලින් ඉඳලම තිබුණි කොරෝනා,
ඒක බියර් එකක්
දෙහි පෙත්තක් දාල බොන,
අලුතෙන් ආපු එකත් කොරෝනා,
ඒකට සමහරු පෙරුම්කායන් බඳින,
දෙහි ඉඟුරු කොත්තමල්ලි බොන,
ආවේ චීනෙන් උනත්
ගන්න බයයි හැමෝම,
ලාභ නැති නිසා තමන්ට
එකතු වෙලා හැමෝම,
කෙලින්න හැදුවත් චීනෙට,
දැන් කෙල වෙලා හැමෝටම ,
තනි තනි උත්තර හෙව්වත් තනි වෙලා හැමෝම,
ලෝකය නැවතත් කියයි
උත්තරය සාමුහික බව
ජූඩ් විෂ්වජිත්