මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ අපි

අමාත්‍ය වසන්ත සමරසිංහ ජීවත්වෙන්නේ අස්වැසුම දීමනාව හරහාද යන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක ප්‍රශ්න කර තිබේ.

“වසන්ත, ඔබ ඔබේ වැටුප ඔබේ පක්ෂයට දෙන නිසා අස්වැසුමෙන් වෙන්න ඇති ජීවත් වෙන්නේ නේ? ” හිටපු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජීවත් වීමට නොහැකි නම් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකාවේ අස්වේසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කළ හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා තිබුණි.

ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ සහ ඊට පෙර රටේ ඉදිරිගමන සඳහා බලපාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකර වැටුප් නොගැනීම, වාහන පාවිච්චිය වැනි කරුණු සම්බන්ධයෙන් වේදිකාවලදී වැඩි අවධානයක් ලබාදෙන ලදී. දැන් නැවතත් එම කරුණු පාරා වළල්ලක් ලෙස ඔවුන් වෙතම පැමිණ තිබේ.

එසේම තම විශ්‍රාම වැටුප ගැන උනන්දු වෙන හිටපු මන්ත්‍රීවරු ද රටේ සාමාන්‍ය ජනතාවගේ විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ලබා දී නැත. විශේෂයෙන් අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රටේ විශ්‍රාමික අරමුදල් වෙත ලැබෙන ප්‍රතිලාභ අඩු කෙරේ. එය රටේ ඇති මහත් බහුතරයක් වූ පෞද්ගලික අංශයේ සේවකයාගේ විශ්‍රාමික ජීවිතය අනතුරේ දැමීමකි.

නමුත් රටේ අවධානය යොමුව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...