ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ” සම්මන්ත්‍රණය අද ගල්ලේදි පැවත වුණි. එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, ලහිරු වීරසේකර පැවසුවේ රනිල් තමන් ඇටවූ උගුලේ ආණ්ඩුව වැටෙන තුරු බලාසිටි න බවයි.
” තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් නව විධායක ජනාධිපතිවරයෙක් ඉන්න කාලයක තමයි අපි IMF ගැන කතාකරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම හැදුනේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ. එදා මේ ගිවිසුමේ තියෙන කොන්දේසි එකඟතා රටට කිව්වෙ නෑ. අඩුම තරමේ රටේ මූල්‍යමය තීරණ ගැනීමේ බලය තියෙන පාර්ලිමේන්තුවටවත් සැලසුම් හෙලිකලේ නෑ. අනුර දිසානායක ජනාධිපතිවරයා අලුත් ජනවරමක් එක්ක ආවේ විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් කරනවා කියලා පොරොන්දු වෙලා. නමුත් දැන් අපිට පේනාවා කිසිදු වෙනසක් නැතුව රනිල්ගේ වැඩපිළිවෙළම ඉදිරියට යනවා.
සමහරු හිතනවා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මොනව කරගත්තත් කමක් නෑ අපි ඕවා ගැන හොයන්න ඕන නෑ කියලා. නමුත් ප්රශ්නය තියෙන්නේ මේ ගිවිසුම එක්ක තමයි රටේ ඉදිරිය තීරණය වෙන්නේ. ආර්ථිකය හැසිරෙන විදිහ තීරණය වෙන්නේ. දැන් විදුලිබිල වැඩි වෙලා. ඊයෙ නව පාසල් වාරය පටන් ගත්තා. පාසල් දරුවන්ගේ පොත්පත් වලට 18%ක වැට් බද්දක් ගහල තියෙන්නේ. අත්‍යාවශ්‍ය ආහාර පාන ඖෂධ වර්ග දරා ගන්න බැරි තරම් මිළ ඉහල ගිහිල්ලා. එතකොට අපි අහන්නේ මේ ප්‍රශ්න අපිට අදාල නැද්ද ? මේ දරාගන්න බැරි තරම් බදු ඉහල දාලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න.
දැන් දැන් ආණ්ඩුව කියන කතන්දර දැක්කම අපිට පේනවා ආණ්ඩුව ඇත්තටම පක්ෂපාතී මොන පන්තියට ද කියලා. ජනවාරි පළවෙනිදා අනුර කුමාර ජනාධිපතිවරයා ජාතිය අමතමින් කරපු කතාවෙදි ස්තුති කලේ කාට ද ?
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට. මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් කියන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටේට ලංකාව ඇදලා දාපු ගෝනිබිල්ලෝ දෙන්නා. මේ ආර්ථික අර්බුදයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන දෙන්නෙක් මේ. අනුර ඇයි මේ දෙන්නට ස්තුති කරන්නේ. ජනතාවගේ මත අධික බදු බරක් පටවන්න එකඟ වෙච්ච. කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන්න එකඟ වෙච්ච. පරාටේ නීතිය පවත්වාගෙන යන්න එකඟ වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුල එක්ක ඩීල් දාගෙන ඉන්න නියෝජිතයෝ අලුත් වෙස් මුහුණු දාගෙන එනකොට ආණ්ඩුව ඒගොල්ලන්ට සුදු හුණු ගහනවා. ඒකද ජනතාවට පක්ෂපාතී ආණ්ඩුවක් කරන්න ඕන.
ආණ්ඩුව ජනතාවට පක්ෂපාතීනම් කරන්න තිබුනේ බලයට ආව ගමන් විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් කරන එක. රටේ ජනතාවට ගෙවන්න අපහසු ණය කප්පාදු කරන්න කියලා අදාල ණයහිමියන්ගෙන් ඉල්ලන්න තිබුණා. ණය පොලී ගෙවන්න තියෙන කාලය තව දික් කරගන්න තිබුණා. නමුත් ඒ එකක්වත් නොකර ජනතාවට විශාල පීඩනයක් ගෙන දෙන යෝජනාවකට තමයි ආණ්ඩුව එකඟ වෙලා ඉන්නේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් ගියේ දුමින්ද හුලංගමුව. අපේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුලේ ලංකාවේ නියෝජිතයන්ගේ ඩොලර් බිලියන 1.8ක් තියනවා. හුලංගමුවගේ සල්ලිත් තියෙන්නේ ඒ ගොඩේ. එතකොට ණය හිමියන් එක්ක කතාකරන්න ජනතාවගේ පැත්තෙන් ගිහිල්ලා තියෙන්නෙත් ණය දීපු අය. ඒක නිසා තමයි අපිට අධික ණය පොලියක් ගෙවන්න වෙන යෝජනාවකට එකඟ වෙලා ඇවිල්ලා තියෙන්නේ. දුමින්ද හුලංගමුවලගේ කුට්ටියට විශාල ලාභයක් ලැබෙන්න නියමිතයි මේ ගිවිසුමෙන්.
ඒක නිසා තමයි අපි කියන්නේ මේ වැඩපිළිවෙළ පක්ෂපාතී වෙන්නේ ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තියට. මේ වැඩපිළිවෙළ පක්ෂපාතී වෙන්නේ ඇමරිකානු ඉන්දියානු ආර්ථික සහ ආරක්ෂක උපායමාර්ගවලට. තවදුරටත් ජනතාව පීඩාවට පත් කරමින් බදු පිට බදු පටවමින් ගෝලීය ප්‍රාග්ධන බූවල්ලන් ආරක්ෂා කරගන්න සැලසුමේ ඉත්තෙක් බවට ලංකාව පරිවර්තනය කරන කුමන්ත්‍රණයක් මෙතන තියෙන්නේ. ලෝකේ සාමාන්‍ය නීතිය අනුව රටක් තමන්ගේ දළ දේශීය නිශ්පාදිතයෙන් 50%කට වඩා වැඩි ණය බරක් පවත්වාගෙන යන්න බැහැ. එහෙම පවත්වාගෙන යනවනම් ඒ රට අවදානම් තත්වයේ තියෙන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ ගෙනාව ආර්ථික පරිවර්තන පනතෙන් නීතියක් සම්මත කලා දළ දේශීය නිශ්පාදිතයෙන් 95%ක් දක්වා ණය බර පවත්වාගෙන යන්න පුලුවන් කියලා. මේ නීතිය නිසා තමයි අද අපිට ණය කප්පාදුවකට යාගන්න බැරි. මීට කලින් අපි වගේම බංකොලොත් වෙච්ච ඉක්වදෝරය 67.8%ක ණය කප්පාදුවක් ගත්තා. ග්‍රීසිය 50%ක ණය කප්පාදුවක් ගත්තා. ගහනාව 37%ක ණය කප්පාදුවක් ගත්තා. ලෝකේ රටවල් එහෙම තමන්ගේ ණය කප්පාදු කරගනිද්දි අපි 27%ක ණය කප්පාදුවක් විතරයි අරගෙන තියෙන්නේ. නමුත් අපේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව මේ ණය කප්පාදුව අඩු වෙනවා.
ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මේ කොන්දේසි ගැන නැවත සාකච්ඡා කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වෙත් ඡන්දයෙන් පස්සෙ එන ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්න සූදානම් කියලා. නමුත් දැන් ඒක අමතක කරලා. දැන් කියනවා කලින් එකඟ වෙච්ච නිසා කරන්න දෙයක් නැහැලු. ආණ්ඩුවට අමතක වෙලා ඔවුන්ට ජනතාව දීපු ජන වරම ගැන. මිනිස්සු ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන්නේ කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න. ඇයි ඒ බලය පාවිච්චි කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීඩාකාරී කොන්දේසිවලින් නිදහස් වෙන්න බැරි. තව පැත්තකින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සුබපැතුම් එවනවා. මේ පාරෙම යන්න කියලා. රනිල් බලාගෙන ඉන්නේ එයා අටවල ගිය උගුලේ ආණ්ඩුව වැටෙනකල්. එතකොට තමයි රනිල්ට ආයෙම වටයකින් බලයට එන්න පුලුවන් පාරක් කැපෙන්නේ.
ඒක නිසා ආණ්ඩුවට අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුල ඇතුලට යන්න එපා. රටක් විදිහට හිතලා ජනතාවට පක්ෂපාතී තීරණයක් ගන්නවනං IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න. එහෙම නොවුනොත් තව පරම්පරා ගාණක් අවදානමට වැටෙන එක නවත්තන්න පුලුවන් කමක් නැති වෙනවා. “