මානව හිමිකම් කොමිසමට ටිරාන් අලස් කැඳවීම ගැන කොමිසමෙන්ම විරෝධයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවීමේ තීන්දුවට තමන්ගේ කිසිඳු සම්බන්ධයක්

නොමැතිව එම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.

මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා එලෙඹන 13 වන සඳුදා දින මහජන අමාත්‍යවරයාට කැඳවීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය වන අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි, වෛද්‍යාචාර්ය නිමල් කරුනාසිරි, ආචාර්ය විජිත නානායක්කාර , අනුෂියා ෂම්මුගනාදන් එහි සෙසු සාමාජිකයින් වේ. එම සියලු පත්වීම් සිදුකර තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය හැර අනෙකුත් සාමාජිකයින් සියලුදෙනාම ඇතැම් මාධ්‍යවෙත පවසා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කොමිසමට කැඳවීමේ තීරණය කොමිෂන් සභාව විසින් ගනුලැබූ තීන්දුවක් නොවන බවයි. පුජ්‍ය කළුපහන පියරතන හිමියන් මේදිනවල විදේශගතව සිටියි.

කෙසේවුවද කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් සඳහා කිසියම් පුද්ගලයකු කැඳවීමට විමර්ශනය සිදුකරනු ලබන නිලධාරියට හෝ නිලධාරිනියට බලය තිබේ. ඒ සඳහා කොමිසමේ සාමාජිකයින්ගේ එකඟතාවයක් අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය. අඩුම වශයෙන් සභාපතිනිය ගේ හෝ එකඟතාවයක් අවශ්‍ය නොවනබව ද වාර්තා වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...