නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට දින නියම කරගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දින නියම කරගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා එය දැනුම් දියයුතු හෙයින් 15 වන සිකුරාදා එසේ පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම් දී නාමයෝජනා කැඳවීමට නියමිත ය.

18 වනදා නව ජනාධිපතිවරයා සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිත අතර ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමටයි පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...