Breaking News

නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට දින නියම කරගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දින නියම කරගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා එය දැනුම් දියයුතු හෙයින් 15 වන සිකුරාදා එසේ පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම් දී නාමයෝජනා කැඳවීමට නියමිත ය.

18 වනදා නව ජනාධිපතිවරයා සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිත අතර ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමටයි පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.

leave a reply