දුමින්ද සිල්වා ලෙඩ වෙයි – යළිත් අමතක වීමේ ලෙඩේ වැළඳී ඇත්දැයි සැකයක්

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

රට පුරා ඇතිවූ විරෝධතා රැල්ලත් සමඟ පසුගිය මැයි 07 වනදා ආර්. දුමින්ද සිල්වා යන අය විදෙස්ගතව තිබුණා.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ඔහු නැවතත් දිවයිනට පැමිණ ඇති අතර ඊයේ (31) ලබාදුන් නඩු තීන්දුවත් සමඟ ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර කළා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූනි 24 වනදා ජනාධිපති සමාව ලබාදී තිබුණා.

එහෙත් එම ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කර තිබුණි.

බොහෝ විට දේශපාලනඥයින්, ඉහළ නිලධාරීන් යම්කිසි චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කරන බොහෝ අවස්ථාවල ඔවුන්ට නැති ලෙඩ පැමිණීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් බන්ධනාගාර ගතවූ පසුත් සිටින්නේ රෝහල් තුළයි.

නමුත් සාමාන්‍ය සිරකරුවන්ට සිදුවන්නේ නොමැරී සිටීමට බෙහෙත් සහ ගුණාත්මක ආහාර වේලක් ඉල්ලා සිටියත් වෙඩි කෑමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර...

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...