Breaking News

විදුලිබල මණ්ඩලය විකිණීමට අදාළ සංශෝධිත පනත ගැසට් කරයි

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්‍ෂේත්‍රය විකිණීමට අදාළ යෝජනා ඇතුළත් නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එමඟින් ජාතික විදුලිබල උපදේශන සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඊට සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත්.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අමාත්‍යවරයා විසින් එම සාමාජිකයින් පත් කෙරෙන අතර ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබෙනවා.

එසේම මෙරට විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදන කටයුතු පෞද්ගලික සමාගම්වලට විකිණීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. විදුලි බල මණ්ඩලය විකිනීමට නියමිතව ඇත්තේ ඉන්දියානු සමාගමකටයි.

මෙම පනත් කෙටුම්පතට පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවුණා.

නව පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර විදුලි මණ්ඩලය විකිණීම වෙනුවෙන් වැඩ ආරම්භ කර තිබුණි.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා පත්කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙක් වන ඩබාසිස් මහපත්‍රා ද මෙම වැඩසටහනට සහය දැක්වීමට පත්කර ඇති බව ද බලශක්ති ඇමතිවරයා පවසා ඇත.

නව විදුලිබල පනත ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මන්ඩලය අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනය වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ද කාංචන විජේසේකර පවසා ඇත.

නව විදුලි බල පනත සම්මත වීම හරහා විදුලි බිල තවත් වැඩිවිය හැකි බව සහ අපේ රටේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමිවෙනු ඇති බවට විවිධ පාර්ශව වසින් අනතුරු අඟවා තිබේ. මෙය විකිණිමට යන්නේ ඉන්දියානු සමාගමකටයි. පෙනෙන්නට තිබෙන කාරණයක් වන්නේ මිලදී ගැනීමට අමතරව විකිනීමට අදාළ සැලසුම් හැදීමට ද ඉන්දියානු ආණ්ඩුව මැදිහත්වෙන බවයි.

leave a reply