පෙරටුගාමීන්ට එරෙහි පොලිස් මර්දනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලීසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ගේ නිවෙස් වලට කඩා පැනීම්, නිවැසියන් බිය වැද්දීම්, සිවිල් ඇඳුමින් සැරසී සෝදිසි කිරීම්, තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීම් ආදී වශයෙන් කරන මර්දනීය බලපෑම් සම්බන්ධයෙන් අද(13) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

පොලීසියද සම්බන්ධ එකී නීති විරෝධී හා මර්දනීය ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස්පතිවරයා හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොමිසමෙන් ඉල්ලා තිබිණි. එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, මධ්‍යම කාරක සභික හේමමාලි අබේරත්න, සිතාරා කුලරත්න හා බෙනිල්ඩස් ප්‍රනාන්දු යන අය සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...