යල කන්නයෙ පොහොර නැතුව කොහොම හරි වගා කරන්නලු!

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද (30) උපදෙස් දී ඇත.

පොහොර හිගය හෝ වෙනයම් හේතු පදනම් කරගෙන යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථකවී ඇතැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙසේ පැවසුවේ යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (30)පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස්විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවද සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...