යල කන්නයෙ පොහොර නැතුව කොහොම හරි වගා කරන්නලු!

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද (30) උපදෙස් දී ඇත.

පොහොර හිගය හෝ වෙනයම් හේතු පදනම් කරගෙන යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථකවී ඇතැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙසේ පැවසුවේ යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (30)පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස්විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවද සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...