Breaking News

ජනාධිපති නැගෙනහිර ජැටිය විකුණන ප්‍රතිපත්තියේ නම් ඉන්නෙ අපිත් ලෑස්තියි මහ පාරේ සටනකින් ඒක පරද්දන්න – පුබුදු ජයගොඩ

ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම ඉදිරියේ නම්‍යශීලි නොවන්නේ නම් මහ පාරේ සටනකින් වාරයේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

:ජනාධිපතිවරයා 13වැනිදා වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවේදී කියා තියෙනවා ණයක් අරගෙන මේක කරන්න කිව්වා ණය ගන්න අකමැති නිසා තමයි මේක ඉන්දියාවට ආයෝජනය කරන්න දුන්නෙ කියලා. ඉන්දියාව ඉල්ලා සිටියා නෙමෙයි. මමයි ඉල්ලා හිටියෙ කියලත් ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයා නම් මේක තීරණය කළේ ඉතාම බරපතල තත්ත්වයක්. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී පසුගිය මහා මැතිවරණයේදී ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරා රජයේ දේපොළ විකුණන්නේ නෑ විතරක් නෙමෙයි විකුණපුවා තියෙනවනම් ආපහු පවරා ගන්නවා කියලා. එහෙම කියපු ජනාධිපති දැන් කියනවා ණය ගන්න අකමැති නිසා මේක විකුණලා දානවා කියලා. ණය ගන්න අකමැතියි කියලා ජනාධිපතිවරයා කියන්නේ 2020 වසර ඇතුලේ ට්‍රිලියන 3ක් විතර ණය අරගෙන. ඒවගේම 2021 වසරේදී ට්‍රිලියන 3ට වඩා ණය ගන්න අයවැයෙන් පාර්ලිමේන්තු අවසරය තියෙන මොහොතක.
ජනාධිපති කියනවනම් නැගෙනහිර පර්යන්තය අනිවාර්යයෙන් ඉන්දියාවට දෙනවා කියලා අපිත් තරයේම ඉන්නවා ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට එරෙහිව ක්‍රියාත්මක වෙන සියලු සංවිධාන වෘත්තීය සමිති කම්කරුවොත් සමඟ එකතු වෙලා නැගෙනහිර පර්යන්තය රැක ගැනීම සඳහා වූ අරගලය අපිත් දියත් කරනවා. එහෙමනම් සයිටම් අරගලයේදී වගේ වඩාත් බලගතු වන්නේ කම්කරුවන්ගේ ශක්තියද රාජ්‍යයයේ ශක්තියද වඩා බලගතු වෙන්නෙ කියලා බලමු.මේ අවස්ථාව කම්කරුවන්ට තමන්ගේ ශක්තිය උරගා බලන අවස්ථාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. “

leave a reply