2025 වසර සඳහා නැවත වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගෙන තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද පැවැත්වුණු මාධ්‍ය හමුවේදී අප ඔක්තෝම්බර් 8 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඉදිරිපත් කළ පදනම පිළිගනිමින් කතා කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අප ප්‍රකාශ කලේ විදුලි බලය සමාජ ආරක්ෂණ සේවාවක් බැවින් එය ලාභ අරමුණු වලට බිලි නොදිය යුතු බව. විදුලි බලය දෛනික ජන ජීවිතය පවත්වගෙන යාමේදීත්, නිෂ්පාදන කර්මාන්ත වල පැවැත්මේදීත්, රටේ බලශක්ති ස්වෛරීත්වයට අදාළවත් ඉතාම වැදගත් සේවාවක් නිසා එය ලාභ – අලාභ නොතකා අවම මිලකට ලබාදිය යුතු බව. එමෙන්ම රටේ දේශීය කර්මාන්ත අවදානමකට ලක්වී, ජන ජීවිතය බිඳ වැටී ඇති තත්වයක් තුළ, ලංවිම හුදෙකලාව ගෙන එහි ලාභ ගණනය කිරීම අර්ථ විරහිත බව අප පැහැදිලි කළා. කොමිසමේ සභාපතිවරයා අද ඉදිරිපත් කලේ මෙවැනි අදහසක්.
“විදුලි බල මණ්ඩලය 6.8%ක ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා සිටිනු ලැබුවා. විදුලි ගාස්තු සම්බන්ධ තීරණය ඉතාමත් සංකීර්ණ ඉතාමත් වැදගත් තීරණයක්. ඒක එක ආයතනයක ලාභ සහ පාඩු තීරණය කරන තීරණයකට වඩා සමස්ත ආර්ථිකය හා බැඳුනු තීරණයක්,….
……අපනයන කර්මාන්තයේ තරගකාරීත්වයට මොකද වෙන්නේ, සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්තවල පැවැත්මට මොකද වෙන්නේ, මහජනතාවගේ ජීවන තත්ත්වය මේ සියල්ල හා බැඳුණු තීරණයක් තමයි විදුලි ගාස්තු සම්බන්ධ තීරණය……
…..ඒ අනුව විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා සිට තිබුණු 6.8% විදුලි ගාස්තුව වැඩි නොකිරීමට අපි ඒකමතික ව තීරණයක් ගනු ලැබුවා.”
මෙය අප ඉදිරිපත් කළ පදනමට සමාන්තරයි.
විදුලි බලය ලාභ අරමුණු කර පවත්වාගෙන නොයාමේ හා එය සමාජ ආරක්ෂණ සේවාවක් ලෙස සැලකීමේ පදනම අප පිලිගන්නේනම්, වත්මන් විදුලි පනතට සහ ආණ්ඩුවේ ඊනියා ප්‍රතිව්‍යුහගතකරණයටත් අපට එකඟ වෙන්න් බෑ. විදුලි ගාස්තු වැඩි නොකර පවත්වා ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්. ආණ්ඩුවේ බලපෑම් නොතකා මේ තීරණය ගන්න කොමිසමට ශක්තිය ලැබු2025ණේ මේ අසාධාරණයට එරෙහිව හඬ නැගූ සියලු දෙනාගේ දායකත්වය නිසා. කොමිසම ඉදිරියේ අදහස් දැක්වූ සියලු දෙනාට ස්තූතියි. නමුත් 2023 හා 2024 වසර වල ලැබූ රුපියල් කෝටි 20,000ක පමණ අතිවිශාල ලාභය ජනතාවට නැවත ලබාදෙන විදුලි ගාස්තු පහත දැමීමක් දක්වා අරගල කළ යුතුයි. ඒ වගේම ලංවිම විනාශ කර, ජනතා දේපළක් වන විදුලි බල ක්ෂේත්‍රය මුදලාලිකරණය කරන, ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි කරන 2024 අංක 36 සහ 2025 අංක 14 පාවාදීමේ පනත් දෙක අහෝසි කරනතුරු අරගලය ඉදිරියට ගෙනයා යුතුයි.