Breaking News

එය අතිශය දුර්ලභ සිද්ධියකි. ප්‍රේමණිය කතාවකි.

උපාලි ජයසිංහ

අමිමා ….. !
2018 දෙසැම්බරයේ ඉන්දියාවේ ගිර් ජාතික වනෝද්‍යානයේ පර්යේෂකයන් සිංහ ධෙිනුවක් දරුකමට දිවියෙකුගේ පැටියෙක් හදාවඩා ගන්නා බව මාධ්‍ය වෙත වාර්තා කර තිබිණි. කොටි පැටවා කොහේ සිට කුමණ අයුරකින් සිංහ ධෙිනුවට ලැබිනිදැයි ඔවුහු නොදත් නමුත් එක් දිවි දෙනක් වරින් වර සිංහ ධෙිනුව සමග සිටින දිවි පැටවා නිරීක්ෂනය කරන අයුරු විමර්ශන කණ්ඩායම දැක තිබෙි. සමහර විටෙක අත්දැකීමි අඩු ලාබාල දිවි දෙන සිය පැටවා අත්හැර දැමුවා විය හැකිය.

දිවි පැටවාගේ වයස මාස දෙකක් වන අතර සිංහ ධෙිනුවටද එතරමි වයස ඇති සිංහ පැටවුන් දෙදෙනෙක් සිටී ඇය තිදෙනාම සිය තනපුඩුවලින් පෝෂනය කරන අතර දිවි පැටවා සෙල්ලමි කරන්නේ සිංහ පැටවුන් සමඟය.

සිංහ ධෙිනුවගේ මෙම දුර්ලභ අන්තර් අවකාශ රැකවරණය හා පෝෂණය කිරීම පර්යේෂකයන්ට මුළුමනින්ම ව්‍යාකූල විය.
සත්වවිද්‍යඥයින් පවසන ආකාරයට සතුන් අතර වෙනත් වර්ගයා පෝෂනය කිරීමෙි අවස්ථාවන් ලේඛන ගත වී ඇත්තේ දෙකක් පමණකි.2006 දී සත්වවිද්‍යඥයින් විස්තර කළේ කැපුචින් වඳුරන්ගේ විසින් මාමොසෙට් වදුරු පැටවුන් ආරක්ෂාකර රැක බලා ගන්නා අවස්ථා ඇති බවයි. ඊළග වාර්තාව 2007 සිට වසර තුනකට වැඩි කාලයක් පුරා කොමඩු හිසක් සහිත තල්මසුන්ගේ පැටවෙකු රැකබලා ගතාගත් ඩොල්ෆින් මවක් පි‍ලිබදවය. එහෙත් මෙය ඊට හාත් පසින්ම වෙනස් ක්‍රයාවලියකි. සිංහයන් සහ දිවියන් යනු එකිනෙකාට පසමිතුරු සත්ව විශේෂයකි. ඔවුනොවුන් තම පසමිතුරාගේ පැටවුන් තනිව අසුවුවිට පහර දී ඝාතනය කරති.

පර්යේෂකයන් සිතුවේ මෙම මිශ්‍ර පවුල පවතින්නේ කෙටි කාලයකට පමණක් බවයි මක්නිසාද; 2017 දී ටැන්සානියාවේ අප්‍රිකානු සිංහයෙකු දිවි පැටියෙකුට සාත්තු කරමින් සිටිනු දක්නට ලැබුණද, එම සංගමය එක් දිනක් පමණක් පැවති අතර එය “විධිමත් දරුකමට හදා ගැනීමක් ලෙස නොසැලකේ. එහෙත් විමර්ශකයෝ අන්දමන්ද කරමින් සිංහ ධෙිනුව දිවි පැටවා සහ සිංහ පැටවුන් සමග හොදින් කාලය ගත කරමින් සිටියහ. එහෙත් විමර්ශකයන්ගේ 29 වැනි නිරීක්ෂන දිනයේදී දිවි පැටවා සැඩ පහරක් අසල ගං ඉවුරක මැරී සිටිනු දුටුවෝය. ඒ 2019 පෙබරවාරි මස දිනයකි. ඔවුන් පලමුව සිතුවෙි පැටවාට යමි ප්‍රහාරයක් එල්ල කල නිසා මෙය සිදුවු ඇති බවයි. එහෙත් ඔහුට පහර දුන් බවට කිසිදු සලකුනක් නොතිබුණි. මියයාම ගෙල සිරවීමකින් පෙන්නුම් කළ අතර එයට හේතුව වී තිබුනේ දිවි පැටවා සංජානනීය හර්නියා රෝගයයි , එයින් අදහස් කරන්නේ රෝගී තත්වය මත උගේ රුධිරයේ ඉදිමුණු රුධිර නාලයක් කැඩී බිඳී ගොස් මරණයට හේතු විය හැකි බවයි.

“දිවියා පැටියා නොමැරී හැදී වැඩුණු විට තත්වය කෙසේ වේද යන්න දැකීම අපූරුය” යැයි විමර්ශක චක්‍රවර්ති ටයිම්ස් පුවත්පතට පවසා තිබිනි. “නමුත් එය සිදු නොවීය.”සිංහ ධෙිනුව හා ඇයගේ පවුල සමග හැදී වැඩුනු විට හා වැඩිහිටි සිංහයන් සමඟ වැඩිපුර කටයුතු කළේ නම් මෙි දිවි පැටවා අනෙකුත් දිවියන්ට කෙසේ බලපානු ඇත්ද? එය පැටියාගේ නොමේරූ මරණය නිසා පිළිතුරු දිය නොහැකි කුතුහලය දනවන.

leave a reply