රංසි, ඉතිං සුබ ගමන්!

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
කිව්වට කොහොමද හිත සැනසෙන්නේ
ලස්සන ලොවකට හීන පුරපු උන්
ඉක්මන් ගමනින් අප හැර යන්නේ

නොමිනිස් ලොවක මිනිසත් කම රැඳුණු එවුන්
මිනිසත් ලොවක් වෙනුවෙන් හඬ නගපු එවුන්
මම ගැන නෙමෙයි ‘අපි’ ගැන නිති හිතපු එවුන්
විරලයි ලොවට, ලොවකට පෙම් බැඳපු එවුන්

පැතූ ලොවේ රන් අරුණළු නැගෙන දින
හිනා මලක් වී පසෙකින් හිඳිනු මැන
සටන් සගය, අත් නොහරින එඩිය ගෙන
බලාපොරොත්තුව වී හද පිපෙනු මැන

 

Share post:

Popular

More like this
Related

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...