“ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා” – සුරත් ද මෙල්

ඔහුගේ තී හා තා නිදහස් ලේඛන හැඩය.
මාව ඇදගෙන ගියා සී ප්ල්ස් ගැනීම දක්වාම.
පොතේ හිතගත් වැකි ගොඩ අස්සේ මේ වැකිය සුවිශේෂයි.

“ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා”

මාව මේ වැකිය අරන් ගියේ මගේ ප්‍රාථමික පාසල් වියට.
ඒක අන්තිම පටලැවිල්ලක්.
අදටත් මට මැරිල ඉපදෙන්න තියෙන ලොකුම බය ආයෙත් ඉස්කෝලේ යන්න වීම.
හිතාගන්න කොච්චර අවුල්ද කියලා .

මම ජනවාරි තිස් එක ඉපදුනු කෙනෙක් .පන්තියේ ලාබාලයා.හැබැයි ඒකම නෙවි මගේ දුර්වලකමට හේතුව.
මම උපතින්ම ගණිතය දුර්වලයි.
හැබැයි ඒ උගන්නපු ක්‍රමය වෙනස් වෙනකං විතරයි.

ගණිතය දුර්වලවීම මගෙ ජීවිතයේ නව යොවුන්විය දක්වාම මාව පීඩාවට පත්කළා.හැමදාම මම පංතියේ අන්තිම ගොඩේ.

ඒ දවස්වල හයෙන් ඉහළ පංති බෙදුවේ හැකියා නොහැකියා මත.

මම හැමදාම නොහැකියා පංති ගොඩේ.
පංති බෙදන දවසේ උදේට මගේ බඩ දඟලනව.ඇඟ වෙව්ලනව .ඒත් ඒ නොහැකියාවම පහුකාලීනව මාව දිරිගැන්නුව.

ළමයි මල් කියන්නේ නිකම් නෙවි.ගහක් ඉන්දපු ගමන් මල් එන්නේ නැහැ .නිසි පොහොර ,වතුර,එළිය ඕන.ඉවසීමෙන් පොහොට්ටුව මලක් වෙනකං රකින්න ඕන.පරිසරය දෙන්න ඕන.

ඇත්තටම මගේ ඉගෙනීම පටන් ගත්තේ මට දැනුම් තේරුම් කාලේ.මටම හිතිල.ස්ව උනන්දුව මත.හැබැයි උදව් දුන් පරිසරයක් හා ගණිතය රසකර ඉගැන්වූ ඉගෙනුමේ තිලක් සර් සම්පූර්ණයෙන්ම මගේ තත්වයට වග කියන්න ඕන.

දැන් මම යනව අපේ විද්‍යා පීඨ ළමයින්ගේ පාඩම් බලන්න .රසිකලා මට ඕන තරම් හමුවෙනව.කතා අඩු,පසුපස පේළිවල,ඉදිරියට නේන,හුදකලා ළමයි .

මම පාඩම් බලද්දී ලකුණු වැඩිපුර දෙන්නේ මේ අය එක්ක කොච්චර ගුරුවරයා සම්බන්ධද බලලා.

මගේ එක් අදහසක් තමයි කොපිකරලා හරි ළමයි ට වැඩ කරන්න දෙන්න .

ළමා රසිකා ලැජ්ජාවෙන් බේරෙන්න පොඩි කාලේ කොපි කළා.ඒත් ගුරුවරු ඒක වැළකුව.ආත්ම කේන්ද්‍රීය වයසේ පොඩි යාළුවෝ පොත් වහන් හිටිය.

මේ ඔක්කොම අවසානයට ගළපන්නම්.පාසල් වහා අරින්න කියලා හා හූව අස්සේ මම හැමදාම හිතන දෙයක් තමයි පාසල් දහස් ගාණක් ඇරුනත් වැඩක් නැහැ ළමයා තේරුම් නොගනීනම්.

ඉගෙන ගන්න ක්‍රම ගොඩයි.ඒත් අවශ්‍ය දරුවා තේරුම් අරන් එයාව ගොඩදාන පාසලක්.

එහෙම නැත්තං පාසල් දිගටම වහල තිබුනත් ගැටලුවක් නැහැ !!

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...