අපි ජනතාව වෙනුවෙන් කොන්ත්‍රාත් බාර ගන්නේ නැහැ,  පුළුල් ජනතා ව්‍යාපාරයට ජනතාව සූදානම් කරනවා

සතියේ විවර කාලීන දේශපාලන කතාබහ ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්  පුබුදු ජයගොඩ සහෝදරයා සමඟ .  අතීතය පුරාවටම අපට තිබෙන්නේ වමේ දේශපාලනය  කලින් කලට  ධනේශ්වර දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන්  අඩු වැඩි නපුර තෝරමින් පාවිච්චි කළ  අත්දැකීම් . ඒ හරහා සිද්ධ වුණේ ජනතාවට වම කෙරෙහි තිබුණු බලාපොරොත්තුව හීන වීමයි.  මේ අමිහිරි දේශපාලන අත්දැකීම නිසා  ලබා දෙන පොරොන්දු ඉටු නොකළත් ජනතාව ධනපති දේශපාලකයන්ගේ  කදවුරට  තමා ඡන්දය පාවිච්චි කරමින්  දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා.

වම කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම අද අභියෝගයක්,  පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයිද?   ජනතාවට අලුත් බලාපොරොත්තුවක් වම කෙරෙහි ලබා දෙන්න පුළුවන් වෙයිද?  ඒ සඳහා මැතිවරණය යොදා  යොදාගත හැකි වෙයිද? ඔව් අද අපගේ කතාබහ මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගැනීම වෙනුවෙන්.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...