ආරක්ෂිත වැඩ මුර ක්‍රමය ඉවත් කළ පසු ශ්‍රී  ලංකා කේටරින් ආයතනය තුළන් කොරෝනා රෝගීන් මතුවේ

ශ්‍රී  ලංකා කේටරින් ආයතනය   වැඩ මුර දෙකකට යොදා තිබුණු  ආරක්ෂිත වැඩපිළිවෙළ අහෝසිකර පසුගියදා වැඩමුර තුනකට  එහි සේවා සපයා ගැනීම සිදු කරන්නට කටයුතු කළා.  නව ක්‍රමය යටතේ  කොරෝනා මර්දන ක්‍රියාවලිය අඩපණ වී  ‍ශ්‍රී  ලංකා කේටරින් ආයතන සේවකයන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ පුළුල් වී ඇති බවත්  උද්ගත වෙමින් පවතින අවදානම්කාරී තත්ත්වය සැලකිල්ලට නොගෙන පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ නව ක්‍රියාවලිය  තව දුරටත් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වේ.

මේ අනුව  නව වැඩ මුර ක්‍රමය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කේටරින් ආයතනය තුළ නැවතත් covid-19  වෛරසය පැතිර යෑම ආරම්භ වී ඇති බව සඳහන් වෙනවා .  නව  වැඩ මුර ක්‍රමය ආරම්භ කිරීමෙන් පසුව covid-19 ආසාදිත සේවකයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අතරට අවන්හලේ සේවකයින් දෙදෙනෙක් සහ කාර්යාල සේවකයෙක්ද වේ . මෙසේ අලුතෙන් සොයාගත් අය එන්නත් ලබා ගත් අය වීම ද විශේෂත්වයකි .

එම ආයතනයේ සේවකයන් පෙන්වා දෙන පරිදි වර්තමාන තත්වය හමුවේ පවා ශ්‍රී ලංකා කේටරින් ආයතනය තුළ PCR පරීක්ෂණ නවතා දමා ඇති අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන යමෙක් වේ නම් ඔහුට පමණක් පරීක්ෂණ කරන  තත්ත්වයකට පත්වී තිබේ. මේ තත්ත්වය මෙසේ පවතින්නේ නම් ඉදිරි සති කීපය තුළ  එහි තත්ත්වය බරපතළ වීමට ඉඩ ඇත.

 විශේෂ ලියුම්කරුවෙකි 


සබැඳි පුවත

ශ්‍රී ලංකා කේට්රින් සේවකයන්  කොරෝනා අවදානමේ

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...