සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු කඩකරලා තියෙන්නේ…

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් හෙට(06) කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රෝහල් 25 කට වැඩි ප්‍රමාණයක උද්ඝෝෂණ සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්සිදුවන මෙම කෑම පැයේ විරෝධතා සම්බන්ධව එම සංගමයේ ප්‍රධාන ලේකම්, ටැම්පිටියේ සුගතානන්ද හිමි අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව පැවසූහ.

2020 ජනවාරි සිට ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොරොන්දු වු සතියේ වැඩකරන අමතර දිනයට වැටුපෙන් 01/30 එකක ගෙවීම මෙතෙක් ලාබා නොදීම, නිල ඇඳුම් දීමනාවද රු.15,000 ක් කරන බවට පොරොන්දු වුවද එයද තවමත් ප්‍රමාදවීම, දින 180 සම්පූර්ණ කළ 1628 ක් වූ සෞඛ්‍ය ආදේශක සේවකයින් ස්ථීර නොකිරීම, සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබා නොදීම, උත්සව අත්තිකාරම් දීමනාවට පොලියක් අයකිරිම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණ සිදු කරයි.

ජනවාරි 06 දහවල් 12 ට මෙම උද්ඝෝෂණ රෝහල් ඉදිරිපිටදී සිදුකරන බවත් උන්වහන්සේ පවසයි. මෙම උද්ඝෝෂණ දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මහරගම පිළිකා රෝහල, නාගොඩ මහ රෝහල, කෑගල්ල මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, බලපිටිය මූලික රෝහල, ඇල්පිටිය මූලික ඓා්හල, අම්බලන්ගොඩ දිසා රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, නුවරඑළිය ශික්ෂණ රෝහල, මාතලේ හෙට්ටිපොළ, නාලන්දාව, ලග්ගල යන ප්‍රාදේශීය රෝහල් , මඩකලපුව වාලච්චේන ⁣මූලික රෝහල ඇතුළු තවත් රෝහල් ගණනාවක් ඉදිරිපිටදී සිදුකරන බවද උන්වහන්සේ පවසයි. මෙම ක්‍රියාමාර්ගවලටද ආණ්ඩුව ඇහුම්කම් නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ලබන බවත් ‘ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය’ වෙනුවෙන් එම හිමියන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...