සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු කඩකරලා තියෙන්නේ…

Date:

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් හෙට(06) කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රෝහල් 25 කට වැඩි ප්‍රමාණයක උද්ඝෝෂණ සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්සිදුවන මෙම කෑම පැයේ විරෝධතා සම්බන්ධව එම සංගමයේ ප්‍රධාන ලේකම්, ටැම්පිටියේ සුගතානන්ද හිමි අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව පැවසූහ.

2020 ජනවාරි සිට ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොරොන්දු වු සතියේ වැඩකරන අමතර දිනයට වැටුපෙන් 01/30 එකක ගෙවීම මෙතෙක් ලාබා නොදීම, නිල ඇඳුම් දීමනාවද රු.15,000 ක් කරන බවට පොරොන්දු වුවද එයද තවමත් ප්‍රමාදවීම, දින 180 සම්පූර්ණ කළ 1628 ක් වූ සෞඛ්‍ය ආදේශක සේවකයින් ස්ථීර නොකිරීම, සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබා නොදීම, උත්සව අත්තිකාරම් දීමනාවට පොලියක් අයකිරිම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණ සිදු කරයි.

ජනවාරි 06 දහවල් 12 ට මෙම උද්ඝෝෂණ රෝහල් ඉදිරිපිටදී සිදුකරන බවත් උන්වහන්සේ පවසයි. මෙම උද්ඝෝෂණ දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මහරගම පිළිකා රෝහල, නාගොඩ මහ රෝහල, කෑගල්ල මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, බලපිටිය මූලික රෝහල, ඇල්පිටිය මූලික ඓා්හල, අම්බලන්ගොඩ දිසා රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, නුවරඑළිය ශික්ෂණ රෝහල, මාතලේ හෙට්ටිපොළ, නාලන්දාව, ලග්ගල යන ප්‍රාදේශීය රෝහල් , මඩකලපුව වාලච්චේන ⁣මූලික රෝහල ඇතුළු තවත් රෝහල් ගණනාවක් ඉදිරිපිටදී සිදුකරන බවද උන්වහන්සේ පවසයි. මෙම ක්‍රියාමාර්ගවලටද ආණ්ඩුව ඇහුම්කම් නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ලබන බවත් ‘ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය’ වෙනුවෙන් එම හිමියන් පවසයි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...