කොළඹ වරයා නගර විශේෂ කෙටුම්පතට විරුද්ධව පෙත්සම් රැසක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන විනිසුරුවන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව ‘ලංකාවේ තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයන්ගේ සංවිධානය විසින් ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර ඇත.

එම සංවිධානයේ සභාපති ඉංජිනේරුවරයකුවන කපිල පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් අදාළ කොමිෂන් සභා පනත සම්බන්ධ ජනමත විචාරණයක් ඉල්ලා ඇත.

වරාය නගරය බලාත්මක කිරීමේ පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කෙරෙන බව දක්වමින් රටේ මූලික නීතියට පටහැනි බවට එම පෙත්සමෙන් කරුණු දක්වා ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් සහ ජනමත විචාරණයකින් දෙන තීන්දුවක් අවශ්‍ය බවට නියෝගයක් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති රාශියක් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඊයේ දිනයේ වාර්තා විය.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...