ලංකාව බදු ගහද්දි ස්කොට්ලන්තය සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදීම නීතියක් බවට පත්කරයි

Date:

ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු වැඩි කරමින් සිටිද්දී ස්කොට්ලන්තය සනිපාරක්ෂක ද්‍රවය නොමිලේ ලබාදීම නීතිගත කළ පළමු රට බවට පත්වී තිබේ.

වසර 04ක අරගලයකින් පසු සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ සැපයීමේ පනත ඊයේ දිනයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. මේ අනුව නිත්‍යානුකුලව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාගැනීම ස්කොට්ලන්තයේ සියලු කාන්තාවන්ට අවස්ථාව හිමිවේ.

මෙම හිමිකම ලබා ගැනීම සඳහා ස්කොට්ලන්ත බිම් මට්ටමේ සිට කාන්තාවන් සහය දැක්වූ අතර මෙය තවදුරටත් ඉදිරියට රැගෙන ගියේ ස්කොට්ලන්ත කම්කරු පක්ෂයේ සාමාජිකාවක් වන එරට සෞඛ්‍ය ප්‍රකාශිකා මොනිකා ලෙනන් විසිනි.

ඇය මෙම ජයග්‍රහණය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය ස්කොට්ලන්තයට ආඩම්බර දිනයක් බවයි.

මොනිකා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ” මේක ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ජීවිතවල විශාල වෙනස් කමක් ඇති කරයි. මේ හරහා සෑම කාන්තාවකටම ඔසප් වීම කියන එක ලජ්ජාවට කාරණයක් නොවන බව තහවුරු කරනවා”

” ඒවගේම පොදු සමාජය තුළ ඔසප් වීම ගැන කතා කිරීමේ විශාල වෙනසක් සිදුවෙයි. මීට ඉස්සෙල්ලා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ ඔසප් වීම ගැන විවෘතව කතා කළේ නැහැ. දැන් එය විවෘතව කතා කරනවා. දැන් අපිට අපි පාවිච්චි කරන සනීපාරක්ෂ නිෂ්පාදනවල තත්ත්වය ගැන විවෘතව කතා කරන්න පුළුවන්”

ආර්තව දුගී භාවය (Period Poverty ) එනම් මාසිකව සනිපාරක්ෂක ද්‍රව්‍ය සඳහා මුදල් වැය කිරීමට නොහැකිවීම කොවිඩ් වසංගත සමය තුළ උග්‍ර වී තිබේ.

මීට ඉහතදී ස්කොට්ලන්තයේ ස්ත්‍රී සංවිධානයක් විසින් පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ ස්කොට්ලන්තය තුළ පමණක් ස්ත්‍රීන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් ආර්තව දුගී භාවයෙන් පීඩා විඳින බවයි. ආර්තව දුගී භාවය සෞඛ්‍ය ගැටලු විශාල ප්‍රමාණයකට මග පාදන බව එම සංවිධානය පවසයි.

මෙම පනත පිළිබඳ සාකච්ඡා වෙමින් පැවති කාල වකවානුවේ පවා ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාල, පාසල්වල, උසස් අධ්‍යාපන ආයතනවල, වැඩබිම්වල, අවන්හල්වල සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සිදුවී ඇත. ඊට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ලබාදෙන සහනයක් ලෙසද සනීපාරක්ෂක නිෂ්පාදන ලබාදීම සිදුව තිබේ.

මොනිකා ලෙනන් අවසන් වශයෙන් පවසා ඇත්තේ “මෙම පනත හරහා ලෝකයටම අපි පණිවිඩයක් දෙනවා ගෝලීය වසංගතයක් මධ්‍යයේ වුවත් අපට කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින් තැබිය හැකි බවට.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...