Breaking News

සෞඛ්‍ය ඇමතිවරිය මුහුදට බිලිවෙන්න සූදානම්ලු

තමා මුහුදට බිලිවුවහොත් කොරෝනා වසංගතය තුරන් වන්නේ නම් තමන් ඊටද සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග කිහිපයක් සභාවට ඉදිරිපත් කරමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.

මේ දිනවල රජයේ ඇමතිවරු විසින් කොරෝනා තුරන් වීමට යයි කියමින් මතුරන ලද පැන් කළ ගංගාවලට මුදා හරින ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් පළවිය. ඒ අතරින් ඉදිරිපත්වූ එක් මතයක් වූවේ කොරෝනා තුරන්වීමට නම් සෞඛ්‍ය ඇමතිවරිය මුහුදට බිලිවිය යුතු බවයි. එයට ප්‍රතිචාර දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි ඉහත අදහස පළකර තිබේ.

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ඊලියන්ත වයිට් නමැති හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සෞඛ්‍ය උපදේශකයා දුන් උපදෙස් අනුව, පැන් කල හතරක් ගංගාවන් වෙත වීසි කිරීම මේ දිනවල සමාජ ජාලාවල අවධානයට ලක්ව තිබුණි.

මේ ආකාරයට වීසිකරනු ලබන්නේ ඊලියන්ත වයිට් විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල බව කියනු ලබන අතර එලියන්ත වයිට් විසින් මාදු ගඟට ද, පවිත‍්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය විසින් කළු ගඟට ද, උදය ගම්මන්පිල ඇමතිවරයා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග විසින් කැළණි ගගටද මෙසේ පැන් කල මුදාහැර ඇතැයි වාර්තා විය.

නමුත් දැන් අවශ්‍යව ඇත්තේ පැන් කළ ගඟට විසිකිරීම හෝ කවුරුන් හෝ ගංගාවලට බිලිවීම නොව වසංගතය මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බව සෞඛ්‍ය අංශවල අදහස වී තිබේ. නමුත් තවමත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නැති බව දක්නට ලැබේ.

leave a reply