සෞඛ්‍ය ඇමතිවරිය මුහුදට බිලිවෙන්න සූදානම්ලු

තමා මුහුදට බිලිවුවහොත් කොරෝනා වසංගතය තුරන් වන්නේ නම් තමන් ඊටද සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග කිහිපයක් සභාවට ඉදිරිපත් කරමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.

මේ දිනවල රජයේ ඇමතිවරු විසින් කොරෝනා තුරන් වීමට යයි කියමින් මතුරන ලද පැන් කළ ගංගාවලට මුදා හරින ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් පළවිය. ඒ අතරින් ඉදිරිපත්වූ එක් මතයක් වූවේ කොරෝනා තුරන්වීමට නම් සෞඛ්‍ය ඇමතිවරිය මුහුදට බිලිවිය යුතු බවයි. එයට ප්‍රතිචාර දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි ඉහත අදහස පළකර තිබේ.

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ඊලියන්ත වයිට් නමැති හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සෞඛ්‍ය උපදේශකයා දුන් උපදෙස් අනුව, පැන් කල හතරක් ගංගාවන් වෙත වීසි කිරීම මේ දිනවල සමාජ ජාලාවල අවධානයට ලක්ව තිබුණි.

මේ ආකාරයට වීසිකරනු ලබන්නේ ඊලියන්ත වයිට් විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල බව කියනු ලබන අතර එලියන්ත වයිට් විසින් මාදු ගඟට ද, පවිත‍්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය විසින් කළු ගඟට ද, උදය ගම්මන්පිල ඇමතිවරයා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග විසින් කැළණි ගගටද මෙසේ පැන් කල මුදාහැර ඇතැයි වාර්තා විය.

නමුත් දැන් අවශ්‍යව ඇත්තේ පැන් කළ ගඟට විසිකිරීම හෝ කවුරුන් හෝ ගංගාවලට බිලිවීම නොව වසංගතය මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බව සෞඛ්‍ය අංශවල අදහස වී තිබේ. නමුත් තවමත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නැති බව දක්නට ලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...