Breaking News

කාන්තාවන්ගේ මාසික විමුක්තියට බදු ………

රවීන්ද්‍ර කාරියවසම්

ඉන්දියාව පෙරදිග ඇගලුමි , කාන්තා හා ළමා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සිදුකරන්නේ ඒ ඒ ප්‍රදේශවල  සම්ප්‍රදායිකව වවාගත් කපු ආශ්‍රිත නිෂ්පාදන වලිනි .කපුරේදි දේශිය නිෂ්පාදන  ලෙස ඔහුන් විසින් කාලයක සිට නිෂ්පාදනය කල අතර කාන්තාවන්  හා ළමුන් සදහා සනීපාරක්ෂක තුවා සඳහා භාවාතා වුයේ ඒවාය. නමුත් එම තත්වය වෙනස් වන්නට ගත්තේ මෑතක සිටය..ඉන්දියාව සහ ලංකාව වැනි රටවල බහුතරයක් වෙළඳපොළෙන් ලබාගත හැකි පෑඩි භාවිතා කරන්නට ආරමිබ කර වසර විස්සකට ආසන්න වෙිමින් පවති. මට පෑඩි ගැන ලියන්නට හිතුනේ ආචාර්ය වන්දනා ශිවා සමග සිදුකළ කතිකාවක ප්‍රතිඵලයක් ලෙස මෙන්ම  ලබාගත් අදහසක් ඔබ බෙදා ගැනීමටය .

1993 වසරේ ඇමරිකාව විසින් BT කොටන් නිෂ්පාදනය ආරම්භ කරන ලදී .මොන්සැන්ටෝ සමාගම සහ මයිකෝ සමාගම එක්ව 2002 අවුරුද්ද වන විට ඉන්දියාවට GMO කපු වගාව හඳුන්වා දුන් අතර මේවා සාම්ප්‍රදායික කපු වගාවෙන් වෙනස්වන හේතු දෙකක් විය .පළමුව මෙය BT කොටන් හඳුන්වන්නේ biotechnology නැතිනම් ජෛව තාක්ෂණයට තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන ලද කපු නිසාය .දෙවනුව මෙය Genetically modified නැත්නම් ජාන වෙනස් කර හෝ අපට අනුව නම් ජාන දූෂණය කරන ලද කොට ලෙස හැඳින්විය හැකිය .මා එය ජාන දූෂණය කරන ලද කොටන් ලෙස හැඳින්වූයේ  ඇතැම් කොටන් වර්ග සතුන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා කොටන් සහ මකුළුවන්ගේ ජාන මිශ්‍රකර කෘමි සතුන්ට සහ පණුවන්ට ඔරොත්තු දෙන ලෙස අද වන විට ඉන්දියාවේ කපු වගා කර ඇත .

GMO ආහාර පිළිබඳව අප වෙන දවසක වෙනත් ලිපියකින් සාකච්ඡා කරන අතර අද දවසේදී කපු වගාව සඳහා biotechnology, Genetic genetic modified නිසා සිදුවී ඇති හානියත් එම කපු වගා වලින් ලබාගන්නා කපු නිසා කාන්තා සහ ළමාසනීපාරක්ශක තුවා නිශ්පාදනයේදී සෞඛ්‍ය අනතුරක් ඇති බවදැනට ඒත්තු ගැන්වී ඇත. එම නිසා එය සාකචිචා  කිරිම වැදගත් යැයි සිතමි.

ජාන තාක්ෂණය වෙනස් කරන ලද කපු සඳහා සතුන්ගෙන් වන හානි වලක්වා ගැනීමට හැකිවන පරිදි එම කොටන්වල ජාන වෙනස් කර ඇත.උදාහරණයක් ලෙස ඇතැම් කපු වලට මකුළුවන්ගේ ජාන ඇතුළත් කර සතුන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා ඒවා සකස් කර තිබේ .එමෙන්ම කෘමි සතුන්ගෙන් වෙන හානි වළක්වා ගැනීම උදෙසාත් එවැනි ජාන වෙනස්කමි සිදුකරන අතර තවදුරටත් එම කපු වගාවන් වල ඇතිවෙන කෘමි උවදුර වලක්වා ගැනීමට ජාන වෙනස් කම් වලට අමතරව විශාල ලෙස වස සහ පොහොර වර්ග යොදා ගනු ලැබේ .

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ  චීනය, පාකිස්තානය ,ඇමරිකාව ,මෙක්සිකෝව වැනි රටවල් වල මෙම ජාන වෙනස් කරන ලද කපු වගාවන් විශාල වශයෙන් කරන අතර ලොව වැඩිම කපු වගාවන් සිදු කරනු ලබන්නේ ඉන්දියාව විසිනි. එය හෙක්ටයාර මිලියන 16.1 එකක් පමණ වන අතර ලොව වැඩිම කපු අවශ්‍යතාවය සපුරන ඉන්දියාව විසින් කපු ආශ්‍රිත නිෂ්පාදන බහුතරයක් සිදුකරනු ලබයි .එමෙන්ම ලංකාව වැනි රටවල් වලට  අවශ්‍ය කපු ආශ්‍රිත නිෂ්පාදන බොහොමයක් ලබාදෙන්නේ  ඉන්දියාවෙනි.එයට අමතරව චීනය ද කපු ආශ්‍රිත නිෂ්පාදන අප රටට සපයනු ලැබේ .ඒ අතර ප්‍රධාන වශයෙන්  කාන්තා හා ලමුන්ගෙ  සනිපාරක්ෂක තුවා 1990 න් පමණ පසුව  ලංකාවට ගෙන්වන අතර එම ගෙන්වන සනිපාරක්ෂක තුවා බොහොමයක් නිෂ්පාදනය ජාන තාක්ෂණයෙන් නවීකරණය වූ කපු වගාවන් වල සිදුකරන නිෂ්පාදනයන් ගෙන්ය .

GMO වලින් නිෂ්පාදිත sanitary pads නැතිනම් සනීපාරක්ශක තුවා පැලදීමෙන් කාන්තාවන්ට විය හැකි සෞඛ්‍ය ගැටලු රාශියක් පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු කර ඇති අතර ඒ වෙනුවෙන් පර්යේෂණ ගණනාවක් ද ක්‍රියාත්මක වී ඇත. එවන් බහුතරයක් පර්යේෂණ වලදී කියා සිටින්නේ ජාන තාක්ෂණයට මුසු කරන ලද කපු භාවිතයෙන් නිපදවන සනීපාරක්ශක තුවා භාවිතය කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ලිංගික ප්‍රදේශයන්ට හානි කරන බවය .එමෙන්ම එය අභ්‍යන්තරව ලේ මතට විෂ එකතු වීමක් බවත් යම් යම් පරීක්ෂණ වාර්තා සිය නිගමනයන් ලෙස පෙන්වා දී ඇත.

ආහාරයක් ලෙස යම්කිසි විසක් ශරීර ගත වුවහොත් එය ඉවත් කිරීම සඳහා ශරීරය  ක්‍රියාශීලීව මැදිහත් වේ .නමුත් ලේ මගින් එකතු වෙන විශ කාලයක් එකතු වේ කාල බෝම්බයක් ලෙස ශරීරයේ විවිධ විපර්යාස ඇති කිරීමට හේතුවන බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.එමෙන්ම කාන්තාවන් පළඳින මෙවන් සනීපාරක්ෂක තුවා නිසා ගැබ් ගෙල පිලිකා ඇතුලු ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ වලට  අභ්‍යන්තරික හානි පැමිණිය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත .නමුත් මේ සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු අතර ලොව පුරා කාන්තාවන් ගෙන් සැලකිය යුතු පිරිසකට සනීපාරක්ශක තුවා පැළඳීම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වී ඇති බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා .

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සිදු කරන කපු වගාවන් නිසා කාන්තාවන්ට බරපතළ ලෙස හානි සිදුවී ඇත. එහි විශාල සමාගම් මගින් කපු වගා කිරීම සඳහා කාන්තාවන් යොදා ගැනීමත් ඔවුන්ගේ ශ්‍රමය අඩුවට ලබා ගැනීමත් නිසා කාන්තාවන්ට මෙම නිෂ්පාදනයන් කිරීම සඳහා තම ශ්‍රමය අඩු මිලට අලෙවි කිරීමට සිදුවී ඇත .එමෙන්ම එම වගාවන් සිදු කරන සහ එහි පලදාව නෙලන කාන්තාවන් කපු වගාවන් වලට යොදන වස සහ පොහොර නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී සිටී .වෙළඳපොලේ ඇති sanitary pads නැත්නම්  සනීපාරක්ශක තුවා භාවිතයෙන්  පළමුවෙන් ඔබ ඔබගේ සෞඛ්‍යයට යම්කිසි හානියක් කර ගන්නා අතර කාන්තාවන්ගේ ශ්‍රමය සූරා කෑමට මෙන්ම ඔහුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමට ද සමාගම් වලට උදව් කරනු ලැබේ . ලංකාවේ කාන්තා සංවිධාන මෙන්ම ලෝකයේ සමස්ත කාන්තාවන් පිළිබඳව සිතන සමාජයක් නම් ජාන තාක්ෂණය මුසු කරන ලද මහා ව්‍යාපාර ව්‍යාපාර වලින් එන සනීපාරක්ශක තුවා ප්‍රතික්ෂේප කළ යුතු අතර එම කොටන් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රතික්ෂේප කළ යුතුය. මා මේ සම්බන්ධව ලංකාවේ කාන්තා සංවිධාන මෙන්ම ඒ සම්බන්ධව උනන්දුවක් ඇති ජනතාවගේ තොරතුරු දැන දැන ගැනීමට කැමති අතර ඔබගේ අදහස මෙහි ලියන මෙන් ඉල්ලා සිටිමි .

leave a reply