තරුණයින් 11ක් පැහැරගැනීම – කරන්නාගොඩ නඩුවෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සමක්

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 15 වන දා) අවසර ලබාදී තිබේ.

මෙම විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 30 දින විභාගයට ගැනීමටද දින නියම කළා.

මෙම සිද්ධියෙන් අතුරුදහන් වූ තරුණියන්ගේ මාපියන් විසින් ගොනුකොට තිබූ පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නිතිතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාර දෙමව්පියන් කියා සිටින්නේ, 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන යාමෙන් අනතුරුව තම දරුවන් අතුරුදන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා 2019 වසරේදී නඩුවක් ගොනු කළ බවයි.

ඉන් අනතුරුව එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බවත් පෙත්සම්කරුවෝ චෝදනා කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...