රනිල් හොරු අල්ලන්න අලුත් නීති 75ක් ගෙනත්ලු

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව රනිල් වික්‍රමසිංහ පැවසීය.

හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බවත් , එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ, තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමිනි.

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබේ.

නමුත් රනිල්ගේ මේ නීති 75ටම මහ බැංකුව සම්බන්ධ බැඳුම්කර වංචාවන්වලට අදාළ හොරු කොටුකර ගැනීමට නොහැකි වී තිබේ. එසේම බදු ගෙවීම පැහැර හැර ඇති සමාගම්, සීනි බදු වංචාව වැනි වංචාවන්වලට සම්බන්ධ පුද්ගලයන් කොටු කර ගැනීමට නොහැකිවී තිබේ.

වෙනඑකක් තබා මෑතකදී සිදුවූ වීසා නිකුත් කිරීමේදී සිදුවූ වංචාවන් ගැන පවා ජනතාව ඒ ගැන හෙළිකරන තුරු රනිල්ගේ නීතිවලට ඒවා හසු නොවිය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...