පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසළ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ පොලු රැගත් හමුදා ඇඳුම් ඇදගත් පිරිස කවුරුන්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂට අසනීපයක් තිබුනා කොවිඩ් තත්ත්වය පාවිච්චි කරලා කොළඹ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැතුව මූලික අයිතිවාසිකමක් වුනු ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ වුවමනාවක් තිබුණා. දැන් අපිට පේනවා හොර පාරෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ දැන් නැවත වතාවක් ඒ ක්‍රියාවලියම කරමින් ඉන්නවා. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂටත් වඩා ඉදිරියට ගිහිල්ලා විශාල මර්දනයක් දියත් කරමින් ඉන්නවා. එක කාරණයක් තමයි උද්ඝෝෂණයකට පහර දෙන්න කුරුදු පොලු හමුදාවක් යොදාගත්තා. දැන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ඒ හමුදාව නෙමෙයි කියලා. ඒ හමුදාව නෙමෙයි නම් ඒ අතුරු හමුදාවක්ද? එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහලා ඒ කාලයේ කළු බළල්ලු, කහ බළල්ලු, කොළ කොටි වගේ කණ්ඩයක් හදාගෙන හිටියා 1980 ගණන්වල. ඒකට අදාළ පෙරහුරුවද මේ කරමින් ඉන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. කවුද මේ පොලු හමුදාව කියන එක ගා අහන්න ඇමති ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.

පිස්සු බල්ලෝ වගේ පහරදෙන පිළිවෙත අද වෙනකොට ඝාතන දක්වා ගිහිල්ලා තියෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ පාවිච්චි කරන කඳුළු ගෑස් විෂ සහිතයි. එක්කෝ මේවා කල් ඉකුත් වෙච්ච ඒවා. නැත්තම් මේවා ඝාතන අරමුණින්ම ලංකාවට ආනනයනය කරන ලද ඒවා බව පැහැදිලි සැකයක් තියෙනවා. මේකට එරෙහිව උද්ඝෝෂණයක් අපි සංවිධානය කර තියෙනවා. “

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...