රෆ් ලයින්ස්

අහන්න,
මට එක ස්ට්‍රයිප් එකක් ස්නිෆ් කරන්න දෙන්න.
නැත්තන් අන්තිම පෙට්ටියෙන්වත් ගොඩ වෙන්න බැරිවෙයි.
මම වැනිසියේ වෙළෙන්දා නෙමේ
එච්චර දේවල් දරන් ඉන්න.මෝඩයෙකුත් නෙමේ එච්චරකල් බලාපොරොත්තු තියන් නැහෙන්න.
ඒත් මට ඕන දැවෙන්න.යක්ෂයා එක්ක අදුරෙන් වෙලෙන්න.
එයා ප්‍රේමයෙන් දළු දාද්දි
පාපයෙන් වැඩෙන්න.
ඔයා තාමත් තුන් වෙනි පාර්ෂවයක් විතරයි මෙතන.
මට බැහැ ඔයා වෙනුවෙන් මල් ඔටුනු තනන්න.
එයා ඇන්නා කළු පාට කට්ටකින් හදවතට මැරෙන්න.
දැන් බැහැ ඒකට ගැහෙන්න.
මට බැහැ ඔයා එක්ක හැමදාම වෙරළට ඇවිත් ඈත යන නැව් දිහා බලාගෙන කියව කියව බියර් බොන්න.
මට තියෙනවා එයා වෙනුවෙන් අදුරෙන් පිරෙන්න.හදවත ගැහෙනකන් පාපයෙන් පුරවන්න.යක්ෂයාට එහි තොටිලි තනන්න.
දැන් හුගක් රෑ වෙලා,බිල ගෙවලා ඔයා යන්න.
ඔයා තාමත් තුන් වෙනි පාර්ශවයක් විතරයි මෙතන.
ඔයාට බැහැ මුඩු බිමක් අස්වද්දන්න.
මේක දැන් යක්ෂයාටම සින්න උනු
රුවල් ඉර්ලා ගියපු හැඩට හැදුනු සොහොන් ගෙයක්.
වීනා වැයෙනකොට විතරක් අඩගහන්න.
මට පුළුවන් මත් වෙන්න තත් හදන්න.
ඒත් මට බෑ ඔයත් එක්ක රෝමාන්තික වෙන්න.
මට තියෙනවා මතක තැන් කලු පාටින් වහන්න.
ඒත්
මන් ආසයි ඔයාගේ කෙළ වලින් තෙමුනු සිගරට් ෆිල්ටරේ තොල් අස්සෙ තියන් උරන්න.
ඒත් මට ඕනෙ යක්ෂයා එක්ක තනිවෙන්න.
බලන්නන් හෙටත් එන්න.
තව දෙයක්,ස්විච් කරන්නැතුව පත්තු කරන්න.
මන් ආස නෑ පපුව සීතල කරන් ගෙදර යන්න.

Arjuna Perera

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...